සුදු අරලිය සොහොන
- කවි
- Affichages : 3258
නුහුරු තනිකම
සීතලෙන් ගත වෙලා ගෙන ඇත
මා අතරමං කරන ලද
අරලිය යාය මැද
ගල් සොහොන මත සුසුම් තබමින්
බස්සෙකුගේ හඬට
කිලිපොළා ගිය මට
සරදමට සිනාසෙන
එහා ගමේ සිරිපාල.....
මීට තුන් මහකට කලින්
සොහොනට ආ
බංගලාවේ ලොකු හාමු
ගල් කණුවකට පිට දී
තාමත් ඉකිලයි
පුංචි බේබිගේ හුරතල් ඇස්
මතක් කර කර .....
අරලිය ගහක් යට
කෙළවරම සොහොනෙ
ඩේවිඩ් එනකල්
බලා ඉන්න ඇන්ඩ්‍රියා.....
එහා සොහොනෙන් ඇහෙන්නේ
හත්දොහොකට කලින්
ආකාලෙට පරවුණු
පුංචි කිරිදරුවගෙ
නොනවතින හැඬුම්.....
මගෙ හිතත් හෙමිහිටම
ඇවිදන් ගිහින් නැවතුනේ
මං එනකොට විලාප තිවු
සාවිත්රියි පොඩි දූයි ළඟ
තාමත් උන් වැළපෙනවා ඇති
බඩගින්නෙම මා ගැන හිත හිතා
සමාවෙයන් නාවට
අකැපයි මේ සොහොනින් එපිට
අද පටන් මට.....
ජේ. තරුෂි චමෝද්‍යා සෝමරත්න
දෙවන වසර
මානව සම්පත් කළමනාකරණ අධ්‍යන අංශය
වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය