මං එනතුරු
- කවි
- Affichages : 3542
අහස දෙස බලනු බැරි විට
වැසි වහි සිත හඩවමින්
මට නුහුරු මේ තනිය ළඟ
ඉකිබිදියි සුසුමන් හෙමින්
විඩාබර සෑදැ අහස හොරහොරින් බලන්
අසන්නේ මා එකදු පැනයකි තවත්
සුව සදන ඈ තුරුල ළඟ නැලවෙන්න යලිත්
තව දුරද මං හොයන ඒ හීනෙට ඉතින්
සිනාවක් නැති කාසි මත රැඳුන ජීවිත මතින්
සිදාදිය හරි විඩාබරයි අම්මේ මට ඉතින්
හිරුනැගෙන හිරු බහින දවස් විතරක් මැදින්
අලුදූලි පිසලන්න වහින වැහිත් හරි සැරයි ඉතින්
දුව එන්න අවැසිමුත් එන්නේ කොහොමද අම්මේ
ගම්මානේ බස් රිය දැන් නැලූ නේද පාරේ
නුඹ එව්ව ලියමන තුරුලේමයි අම්මේ
මං එනතුරු බලා ඉන්නවද තවමත් අම්මේ
චන්දුපා රත්නායක
සමාජ විද්‍යා පීඨය
ප්‍රථම වසර


