ඇය!
- කවි
- الزيارات: 5168

නිමිත්ත - මවත්, පියාත් නැතිව අසරණව මහ මඟ පාළු වීදියක සිටි දියණියක් ඇයව හදා වඩාගත් ගුරු මව ගැන පවසන සංවේදී කතාව.
එකෝමත් එක දවසක
මහ මග පාළු වීදියක
හඩ හඩා උන් මට
හමු වුණා එක් දේවතාවියක් …
මාස දෙකයි මට එතකොට
ඇය මා දෙස බැලුවා සෙනෙහසින්
සිනහවක් පාමින් මාහට
මාව ගත්තා ඇගේ දෑතට...
මා දුටු විගස ඇයහට
දරු සෙනෙහෙ ඇති වෙන්න ඇතී
ඒ සෙනෙහස හින්දම ඇය
මාව වඩා ගන්න ඇතී ...
ඇය ටික වේලාවක්ම
බලා සිටියා මා දෙස
සෙනෙහෙ පිරි බැල්මෙන් යුතුව ඇය
කැටි කර ගත්තා සාරි පොටෙන් මාව...
රැගෙන ගියා ඇය මාව ඇගේ නිවහනට
වෙව්ල වෙව්ලා ළත වෙමින් හිටියා ටික වේලාවක් යන තුරුම
ගියා ඇගෙ සැමියා වෙතට බිය මුසු ගතින් යුතුව
ඒ විගසින් මාව පෙන්වා කීවා යමක් ඔහුට........
අනේ බුදු මහත්තයෝ , මට දොස් පවරන්න එපා
මේ දරුවව අසරණ කෙරුමට මට ඉඩ දෙන්න එපා
අපෙ දරුවන් ඉදිරියේ මේ දරුවට වෙනසක් කරන්නෙපා
මගෙ පණ තියෙන තුරු මේ දරුවව රැක ගැනුමට බාධා කරනු එපා.........
කාලයත් වේගයෙන් ගෙවිලාම ගියා
ගුරු මවගේ සෙනෙහස මට නොඅඩුව ලැබුණා
පාසැල් කාලයත් ටික කලෙකින් උදා වුණා
ළමයින්ගේ කවටකම් ඉදිරියෙ මගෙ හිත හොදටම රිදුණා.......
අම්මා අප්පා නැති අවජාතක ළමයා
කියමින් ළමයි මට හරියට කෙනහිළිකම් කෙරුවා
ඒවා උහුලනු නොහැකිව මම මහ හයියෙන් හැඩුවා
මගෙ ගුරු මව ඇවිත් ඔවුනට දඩුවම් කෙරුවා........
අඩන්නට එපා මගෙ රත්තරන් දුවේ ,
නුඹෙ අම්මා මමයි මගෙ සුදු දෝණියේ ,
කියමින් ඇය කදුළු පිසදමමින්ම මගේ
සිප ගත්තා මගේ හිස සෙනෙහසින් අනේ.......
හොඳ දොස්තර නෝනා කෙනෙකි මම අද දිනයේ
එනමුදු වෙනදා මෙන් නැත මගෙ ගුරු මව මා අතරේ
එතුමිය හින්දමයි අද මම මේ ලෙස වැජඹෙන්නේ
කොහොම ණය ගෙවන්නද මම ඔබතුමියට මගෙ ගුරු මෑණියණේ ?.........
මගෙ ජීවිතේ බේරා ගත් මගෙ ගුරු අම්මා
ඇගෙ දරුවන් ඉදිරියේ වෙනසක් කළේ නැහැ මට මගෙ ගුරු අම්මා
ජය මං පෙත මාහට පාදා දුන් මගෙ ගුරු අම්මා
මං වෙනුවෙන් ඇගෙ දිවියත් කැප කෙරූ ඇය මගේම ගුරු අම්මා .........
තවමත් සිහි වෙනවා මාහට
සිනහව පිරි ඔබේ සෙනෙහෙබර මුව මඩල
බුදුන් දැක නිවන් දකින්නට
හැකි වේවා මගෙ ආදර ගුරු අම්මාට !!! ......
ලෂිනි අමාෂා චන්ද්‍රසිරි
කැළණිය විශ්ව විද්‍යාලය
පළමු වසර
සමාජීය විද්‍යා පීඨය.
17 كانون2/يناير 2022
නොපායන දේදුන්න
13 تشرين2/نوفمبر 2022
ඔවදන
06 تشرين1/أكتوير 2022
බර අදින සිල්පර
18 نيسان/أبريل 2023
Create
18 تموز/يوليو 2022
Who am I ?
06 تشرين1/أكتوير 2022
අම්මා නැති අපට
15 تشرين2/نوفمبر 2022
ගැඹුරු හුස්මක්


