Image

සරදමක්ද        මේ         ජීවිතේ

                       හුස්මේ පමණට  සුරැකෙන්නේ

                           නවාතැනකි  කෙටි   ආත්මයේ

                           කළ කම් පළ දෙන රොබෝවෙකි  මේ…

                           ඇට සැකිල්ලට හමක් පොරවලා

බඹ දෙව් කුමටද මිනිස්සු මවන්නෙ..

කර් මය අනුවයි ආත්මෙ දීලා

                           අපි හැමදෙනාම ජීවත් කරන්නේ..

ඉතින් මොකට දැයි

පේෂල් අර ෂෙල්  දාලා

හැවයක් පාට කරන්නේ…

කට්ටක් ඇතුලේ තියෙනා මොළයෙන්

තත්පරයක්වත් හිතලා බැලුවද…

මැරුණට පස්සේ හැවයත්  දාලා

කටු ටික තියලා යන්නට වෙන බව…

 

                           කේ.ඉමාලි සහනිකා සේනාරත්න.

                           පළමු වසර,

මානව ශාස්ත්‍ර පීඨය.

කැලණි විශ්ව විද්‍යාලය.

07 كانون1/ديسمبر 2022
11 تشرين1/أكتوير 2022
13 تشرين2/نوفمبر 2022
20 حزيران/يونيو 2022
26 أيلول/سبتمبر 2022
18 تموز/يوليو 2022
28 كانون1/ديسمبر 2022