අරුමැසි ගම් පියස
- කවි
- الزيارات: 5496

රන් හිරු කිරණ දිදුළයි තුරු වදුළු මතින්
කිචි බිචි කියයි විහගුන් ගී කියන ලෙසින්
සුවදත් ගෙනෙයි නෙක පැහැ මල් පුබුදුවමින්
අරුණළු නැගෙයි ගම් මානය එළිය කරන්
සිංහරාජ කදු පියසින් වට වීලා
ගිං ගං කොමළි බැසයයි සිසිලස දීලා
මද නළ හමයි උණු දා බිදු පරයාලා
සිතේ මට දැනුත් මගෙ ගම තව හැඩ වීලා
සොදුරුය ගම්මානෙ හැමවිට සිතෙයි මට
සැනසුම් සුවය ගෙන දෙයි එහි සිටින විට
අහසක් උසට නැගි මාළිගා නැත සැමට
කටු මැටි පිලද රජ මැදුරකි අපෙ ගමට
කුල මල ජාති ආගම් ලෙස නෑ භේදය කිසි සිතක
ඇති නැති හැම දෙනත් ඇත එක ලෙස නිරන්තර
බාල මහළු වැඩිහිටි යන සියලු දෙන
ඇත අත් බැදන් පවුරක් ලෙස සෑම විට
දිල්කි ප්‍රභාෂා
සමාජ විද්‍යා පීඨය
පුරාවිද්‍යා අධ්‍යන අංශය
දෙවන වසර
13 أيلول/سبتمبر 2022
බිම්බා දේවි නම් ඈ...
03 آب/أغسطس 2022
නුඹ නොදත් ඈ
15 تشرين2/نوفمبر 2022
රතු වුණු දෑස්
10 تشرين1/أكتوير 2023
බක්මී හසරැළි
06 تشرين1/أكتوير 2022
මගේ කඳුළු
06 تشرين1/أكتوير 2022
අම්මා නැති අපට
06 تشرين1/أكتوير 2022
දනිමි නුබ මගෙ බවම....


