අරුමැසි ගම් පියස
- කවි
- الزيارات: 5611

රන් හිරු කිරණ දිදුළයි තුරු වදුළු මතින්
කිචි බිචි කියයි විහගුන් ගී කියන ලෙසින්
සුවදත් ගෙනෙයි නෙක පැහැ මල් පුබුදුවමින්
අරුණළු නැගෙයි ගම් මානය එළිය කරන්
සිංහරාජ කදු පියසින් වට වීලා
ගිං ගං කොමළි බැසයයි සිසිලස දීලා
මද නළ හමයි උණු දා බිදු පරයාලා
සිතේ මට දැනුත් මගෙ ගම තව හැඩ වීලා
සොදුරුය ගම්මානෙ හැමවිට සිතෙයි මට
සැනසුම් සුවය ගෙන දෙයි එහි සිටින විට
අහසක් උසට නැගි මාළිගා නැත සැමට
කටු මැටි පිලද රජ මැදුරකි අපෙ ගමට
කුල මල ජාති ආගම් ලෙස නෑ භේදය කිසි සිතක
ඇති නැති හැම දෙනත් ඇත එක ලෙස නිරන්තර
බාල මහළු වැඩිහිටි යන සියලු දෙන
ඇත අත් බැදන් පවුරක් ලෙස සෑම විට
දිල්කි ප්‍රභාෂා
සමාජ විද්‍යා පීඨය
පුරාවිද්‍යා අධ්‍යන අංශය
දෙවන වසර
27 تموز/يوليو 2022
මධු රාත්රිය…
13 تشرين2/نوفمبر 2022
අරුමැසි ගම් පියස
18 نيسان/أبريل 2023
පියෙකුගේ අවසන් කැමැත්ත
03 آب/أغسطس 2022
සුළඟ හා මුසුවෙමි
16 آب/أغسطس 2022
ලියමනක්!
18 تموز/يوليو 2022
Who am I ?
18 نيسان/أبريل 2023
පා සළඹ...


