හෙළ අකුර
- කවි
- الزيارات: 6123

රවුමට ඇලේට වටේට ලියනා
අකුරට ඔබෙ හිතෙ ඇති තැන කුමක්ද…
භාෂා ගානක් තියනා ලෝකේ
ඔබෙ සිත ගත්තේ කුමනා කුරුට ද…
තම මව්බස හට මුල් තැන දුන්නද
ඔබ සිත් ගත් අකුරක් නුබ හට ඇත…
භාෂාවක් තෝරන්නෙ ලස්සන බලලද
ලස්සන මොකටද කන්නද මිනිස්සුනි…
අර්ථය හොයලා තෝරාව් භාෂා
සිංහල භාෂා දිලේවි ලෝකා…
සිංහල බසේ ඇති අරුත් සමූහය
සිතුවද මදකට ඔබේ සිතෙන්…
දැන්වත් පිබිදෙව් කාලෙ ගෙවී යයි
හෙළ බස පැතිරව් මිනිස්සු දැන්…
අක්ෂර 60 කින් ලොවක් දැකීමට,යමක් කිරීමට,
විදුනැණ හෙලනා හෙළ භාෂා…
රැකුමට එක්වෙව්
සියල්ල ඉගැනිව්
හෙලබස පෙරටුව සියලුදෙනා…
කේ.ඉමාලි සහනිකා සේනාරත්න
පළමු වසර,
මානව ශාස්ත්‍ර පීඨය.
කැලණිය විශ්වවිද්‍යාලය.
11 تشرين1/أكتوير 2022
ආදරණීය සරසවිය
03 آب/أغسطس 2022
සුළඟ හා මුසුවෙමි
01 شباط/فبراير 2023
නුඹට පුළුවන්ද මගදි හැරෙන්න!
27 حزيران/يونيو 2022
අප්රකාශිත ප්‍රේමය…
23 أيلول/سبتمبر 2022
තනිකම
15 أيار 2023
මගේ කතාව
11 تشرين1/أكتوير 2022
මගේ පැල්පත


