වල්මත් රටක .... අපි අසරණ වෙලා වගේ - සිතට දැනෙනවා ....
- කතා
- الزيارات: 1718
මෙවන් සහසකුත් එකක් සිතිවිල්ලෙහි නිමග්න වෙමින් එසේ මා ගමන් කලේ, “ ලෝකෙන් උතුම් රට වූත්, ලොව අන් සියල් දේශයන් පරදමින්, නෙලුම් කුලුණක් සේ නැගී සිටියා වූත්, ආශ්චර්යමත් දේශයක පොදු ප්‍රවාහන බස් රථයකය. ඒ වනාහී ඉතා අපූර්ව වූවකි. එතරම් දුර ගමන් නොකරන සාමන්‍ය ගාස්තු අයකරගන්නා බස් රථයකින් ගමන් කරන දුර ප්‍රමාණයම, සාමන්‍ය ගාස්තු අයකරගන්නා, නමුත් දුර ගමන් කරනා බස් රථවල රාත්‍රී කාලයේ ගමන් කරන විට, දහවලකදී අය කරන මුදල මෙන් හරි අඩක් වැඩිවෙයි. මෙරට බහුතරයක් වූ බස් මගීන් අතරෙහි, “ යකාගේ ගසා කෑමක් “ ලෙසින් හැදින්වෙන මෙම විශේෂිත ක්‍රමවේදය, අල්ලස්, දූෂණ හා මූල්‍ය වංචාව පිලිබද පශ්චාත් උපාධිය දරන, වන්දනීය වූත්, නිර්මල වූත්, ප්‍රාදේශීය සහා, මහනගර සභා, පලාත් සභා, පාර්ලිමේන්තු ...... ආදී විවිධ ප්‍රවර්ගයේ දේශපාලන භවතුන්ගෙන් රට පුරා පෙර කී එවන් විශේෂිත ක්‍රමවලින් බස් මගීන්ගෙන් මුදල් අය කරගන්නා කොන්දොස්තරවරුන් වෙතට, “ සුලගින්, ‘ ඒඩ්ස් ‘ බෝවන්නා “ සේ බෝවූවක්දැයි මට කල්පනා වී ඇති වාර ගනණ මෙතෙකැයි කිව නොහැකිය.