කොළොම්පුරේ කිඹුල් දොරටුව
- ගවේෂණ
- الزيارات: 705
“පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් වුණා
ගෑස් පහට ළං වෙන කොට අපි හොඳට ම හවස් වුණා
සෙක්කු වීදියේ කම්බා දැක උඹ මට මතක් වුණා
කයිමන් දොරකඩ ඉඳපං මං එන තුරු සෙලෙස්තිනා”
එකලත් අදත් කයිමන් දොරකඩ යනු කොළඹ කවුරුත් දන්නා ස්ථානයකි. නුවර සිට කොළඹ බලා එනපෙම්වතා ගමනාන්තය ගැන මෙන්ම වටපිටවේ ඔහු දකිනා දේ විස්තර කරමින්, තම පෙම්වතිය වු සෙලෙස්තිනා ගැන මතක් වී කයිමන් දොරකඩ අසල ඔහු එනතුරු බලා සිටිනා ලෙසට කරනා ලද ආරාධනය අශෝක කෝවිලගේ මහතා රචනා කළ, රෝහණ වීරසිංහ සංගීතවත් කළ සුනිල් එදිරිසිංහ මහතා ගායනයෙන් සිය දායකත්වය සැපයු ඓතිහාසික විශිෂ්ටතාවක් සහිත නිර්මාණයක් වන මේ ගීතයේ අඩංගු වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අගනගරය, එසේත් නැතහොත් පරිපාලන කේන්ද්‍රස්ථානය ලෙස කොළඹ ය. කොළඹ නගරය පිළිබඳව ගවේෂණය කිරීමේදී ඉපැරැණි කෞතුකමය වටිනාකමක් සහිත ස්ථානයක් වශයෙන් කයිමන් දොරකඩ ඝණ්ටාර කුළුණ පෙන්වාදිය හැකිය. කොළඹ කොටුව කෙළින් වීදියේ සිට ගෑස් පහ හන්දිය පසු කිරීමේදී දකුණු පස පිහිටි 4 වැනි හරස් වීදියට පිවිසෙන ප්‍රධාන මාර්ගයට යාබදව ඝණ්ටාර කුළුණ පිහිටා ඇති අතර අද වනවිට එම ඝණ්ටාර කණුව වටකොට ආරක්ශිත දැල් වැටකින් ආවරණය කර තිබේ. කොළඹ කොටුව හා බැඳුණ ඉපැරැණි ඓතිහාසික උරුමයකට හිමිකම් කියන්නාවූ මෙම ඝණ්ටාර කුළුණ පුරාවිද්‍යා ස්මාරකය බවට එහි බෝඩ් ලෑල්ලකින් එය සමන්විත වේ.
කයිමන් දොරටුවෙහි ඓතිහාසික තත්වය සාකච්ඡා කිරීමේදී එය පෘතුගීසි සමය දක්වා දිවයයි. ඒ ක්‍රි.ව 1554 දී පෘතුගීසීන් විසින් කොළඹ කොටුව සිය අණසකට නතු කර ගනිමින් ක්‍රි.ව 1656 දී බලකොටුවක් ලෙස ඉදි කරන ලදී. පෘතුගීසින් දෙස් මෙන්ම විදෙස් හමුදාවන්ගේ ආරක්ෂාවීමටත්, සිය මාලිගා මන්දිර සහ නිවාස ඉදිකිරීමටත්, වෙළඳ කටයුතු පහසු ලෙස කරගෙන සිදු කරගෙන යාම සඳහා කොළඹ කොටුව, ඕල්කට් මාවත බේරේ වැව සහ ඒ අවට ප්‍රදේශ වටකොට කබොක් ගල් වලින් ප්‍රාකාරයක් බැඳ බලකොටුවක් සේ නිම කොට ඇත. ගලින් බැඳ තාප්පයෙන් වටවූ කොටස කොළඹ කොටුව ලෙසත්, තාප්පයෙන් පිටත කොටස පිටකොටුව ලෙසත් පසු කාලයේදී නම් විය. එම බලකොටුවේ නැගෙනහිර කොටසේ ප්‍රධාන පිවිසුම වූයේ “පූර්ට රෙයිනා” (Puente Reina) නොහොත් “රැජින පාලම”, “රැජින දොරටුව” සහ “බිසෝ දොරටුව” ලෙස විවිධ නම්වලින් හඳුන්වාදී ඇති අතර එය විශාල ආරක්ෂක දොරටුවකින් සමන්විත වේ. ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත වනුයේ ශාන්ත ජෝන් ඇළ මාර්ගය මතින් ඉදුණු පාලම වෙතයි.
ලන්දේසින්ගෙන් අනතුරුව ක්‍රි.ව 1656 දී ලන්දේසීන් ලංකාව අල්ලා ගැනීම සිදුවිය. ලන්දේසි කාලසීමාව තුළ කොළඹ ඉඩකඩ සහිතව බලකොටු නගරයක් සේ සකස් වී තිබුණු බව මූලාශ්‍රවල සඳහන් වේ. කොටුව වටකොට තිබූ පවුර සැතපුම් තුනක් වන අතර පවුරේ තැන තැන අට්ටාල දාහතරක් ද වූ බව සඳහන් වේ. පෘතුගීසි සමයේ රැජින දොරටුව ලෙසින් හඳුන්වන ලදුව පසුව ලන්දේසි සමයේ “කයිමන් දොරටුව” නැතහොත් “කිඹුල් දොරටුව” වශයෙන් බලකොටුවට ඇතුල්වන දොරටුවේ නාමය වෙනස් විය. ශාන්ත ජෝන් ඇළ එකතු වනුයේ බේරේ වැවටය. බේරේ වැවේ විශාල ප්‍රදේශයක මුගුරු කිඹුලන් සිටි බවත්, ඇළ මාර්ග ඔස්සේ දොරටුව අසල ජලාශයේ ගැවසී සිටි බවත්, ඒ කිඹුලන්, ලන්දේසි බසින් “කයිමන්” ලෙසින් හඳුන්වන ලදී. කයිමන් යන්න “දැවැන්ත කිඹුලා” ලන්දේසි (Kaimaan Port) යන වචනය ඉංග්‍රීසි බසින් “Kayman’s Gate”නමින් හඳුන්වන ලදී.
කයිමන් දොරටුව අසල ඇති ඝණ්ඨාර කුළුණ ඉහළ කොටස ආරුක්කු හැඩයකින් ශීර්ෂය කේතු රූපාකාරව මෝස්තරයකින් යුක්ත වේ. කුළුණ මුදුනේ ඇති ඝණ්ටාරය කෝට්ටේ ශාන්ත ෆ්‍රැන්සිස් මුනිතුමන්ට කැප කරන ලද දේවස්ථානයකට අයත් වන බව ඓතිහාසික මූලාශ්‍ර සාක්ෂි දරයි. පෘතුගීසින් විසින් ගොඩනැගු දේවස්ථාන ඉන්පසුව පැමිණි ලන්දේසින් විනාශ කළ අතර, කෝට්ටේ දේවස්ථානයද ඒ අතර වේ. කෝට්ටේ දේවස්ථානයෙන් රැගෙන ආ ඝණ්ටාරය කයිමන් දොරකඩ පිවිසුමේ සවිකළ බවට සාක්ෂි පවතී. ඝණ්ටාරය නිමැවු පුද්ගලයා හෝ එහි කිසිම ආකාරයක මුද්‍රාවක් දක්නට නොමැති අතර ලතින් බසින් ලියැවුණු පාඨයක කොටසක් වේ. “Ave Maria” gratia plena” Dominus tecum” Benedicta tu in mulieribus” et benedict fructus Ventris tui” Jesus” ලතින් බසින් ලියැවුණු මේ පාඨය ඉංග්‍රිසි බසට හැරවු විට එය ක්‍රිස්තියානි යාඥවක කොටසක් වේ. “Hail Mary “ Full of grace” the Lord is with you” blessed are you among women” and blessed is the fruit of your womb” Jesus සිංහලෙන් “නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තියනී, ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය, ස්තීන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය, ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාවුමය” යන්නයි. මෙලෙස ඝණ්ටාරය කයිමන් දොරකඩ සවි කිරීම හරහා ආරක්ෂා කිරීමට කැපවූ බව කිව හැකිය. ඇතුලු කොටුවෙන් එහා මෙහා යන පිරිස සඳහා දොරටුව වසන වේලාව දැන්වීමට ඝණ්ටාර නාද කෙරුණු අතර නිල වශයෙන් ඝණ්ටාරය නාද කිරීම අවසන් වතාවට සිදු ඇත්තේ 1926 ජනවාරී 21 බ්‍රිතාන්‍ය සමයේ පස්වැනි ජෝර්ජ් රජුගේ අභාවය දැනුම්දීමටත්, 28 වන දින රජු වෙනුවෙන් ආදුරුප්පු පල්ලියේ පැවැත්වූණු දේව මෙහෙය සඳහාය. ඊට අමතරව 1945 අගෝස්තු 14 දින දෙවන ලෝක යුද සමයේ නැවතත් නාද කරන ලද්දේ අනතුරු ඇඟවීමේ මාධ්‍යයක් ලෙසය. ඝණ්ටාර කුළුණ අසලින් මුරභටයන් රඳවා තැබූ මුරගෙයක්ද එකල ඉදිවී ඇති අතර පසුකලෙක ඉංග්‍රීසින් එක බලකොටුවට විනාශ කිරීමත්, එම මුරගෙයද නටඹුන් වී අද වනවිට කොටුව සහ පිටකොටුව ලෙස වෙළඳපොලක් බවට පත් වී තිබේ.
ඉංග්‍රීසීන් විසින් ලංකාව ක්‍රි.ව 1870 අල්ලා ගැනීමත් බලකොටුව විනාශ කොට කොටුව වට කොට ඉදි කර තිබූ ශාන්ත ජෝන් ඇළත්, බේරේ වැවත් ,වරාය සහ ඇළ මාර්ග සමඟ එකට බැඳී තිබූ සියලු කුඩා ඇළ මාර්ග වසා දැමීය. අද කොළඹ කොටුව සහ පිටකොටුවේ දකිනා හරස්වීදි එදා තිබූ ඇළ පාරවල්ය. ඒ අවට පැවති සියලු පහත්බිම්ද,ඉංග්‍රීසින් විසින් පුරවා නව ගොඩනැගිලි ඉදි කොට ඇත.
කයිමන් දොරකඩ හා සබැඳි ලේඛනවල මේ ප්‍රදේශය ආශ්‍රිතව පවුල්වල පුද්ගලයන්ගේ හා නිලධාරීන්ගේ ජීවන රටාව කොටුව ඇතුළේ ජීවත් වූ පිරිසගේ ජීවන රටාවට වඩා වෙනස්ය. කයිමන් දොරකඩ ආශ්‍රිතව අධ්‍යයනය කළ ඉතිහාසඥයන් පවසන පරිදි වරදකරුවන් ඉල්ලා මැරීම සඳහා ස්ථානයක් කයිමන් දොරකඩ අසල තිබී ඇති බවත්, සෙනඟ නොතකා එය නැරඹීමටද පිරිස් හුරු වී ඇති බවත්ය. යටත්විජිත පාලකයන් දහනම වන ශතවර්ෂයේ අගභාගය දක්වාම කයිමන් දොරකඩ පිහිටි ස්ථානය ප්‍රසිද්ධිය වරදකරුවන් එල්ලා මැරීම සඳහා භාවිතා කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි.
ශාන්ත ජෝන් ඇළ ඔස්සේ කිඹුලන් ඇදී එන්නට ඇත්තේ නගරයේ අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට බව ඉතිහාසයේ දක්වාලුවද,එච්. ඒ ජේ හුළුගල්ල මහතාට අනුව කයිමන් දොරකඩ අසල මිනිසුන් එල්ලා මැරූ ස්ථානයක් වුවද,එම මළසිරුරු කිඹුලන්ගේ ආහාරය බවට පත්වූවා දැයි සැක සහිතය. ශාන්ත ජෝන් ඇළට මළසිරුරු දැමුයේ මුහුදට ගසාගෙන යාමට දැයි නිවැරදී සාක්ෂි නොමැති හෙයින් කිඹුලන් අපද්‍රව්‍ය ආහාරයට ගැනීමට පැමිණ ඇති බව පෙනීයයි.
ක්‍රි.ව 1846දී බ්‍රිතාන්‍ය රජය පැනවූ‘'ආලින්දයේ නීතිය නැතහොත් එකල විශාල නිවෙස්, ආලින්දයන් ඉදිවීම හේතුවෙන් මාර්ගයන්හි ඉඩ ඇහිරී ඇතිබවත්, එය හේතුකොටගෙන මෙලෙස පැනවූ නීතිය ගැසට් කරමින් රට පුරා ප්‍රකාශ කිරීම හරහා කයිමන් දොරකඩ අසල මෙන්ම ආලින්ද සහිත නිවාස ඉදිකිරීම නතර කර ඇත.
කයිමන් දොරකඩ හරහා පිටකොටුවට විහිදී තිබූ වීදිය ඉතා පටු එකකි. එච්.ඒ.ජේ. හුලුගල්ල විසින් සංස්කරණය කළ කොළඹ සංවත්සර කලාපයේ කයිමන් දොරකඩ ගැන මෙසේ සඳහන්ව කරනු ලබයි.
“කයිමන් දොරටුව වඩාත් චිත්තාකර්ෂණීය ස්ථානයක් ලෙස අද ද සිංහලයා තුළ හැඟීම් මාත්‍රයක් ඇත. කයිමන් දොරටුව නොහොත් කේමන් දොරටුව හරහා පිටකොටුවේ අනෙක් පසට වැටී ඇති වීදිය පටු හෙයින් මේ ප්‍රදේශය අධික රශ්මියෙන් යුක්ත බව කියන්නේ පර්සිවල්ය. සරප්වරු මුදල් මාරු කරන්නන් පදිංචි වී සිටියා යැයි සැලකෙන මේ ප්‍රදේශයේ කාර්යබහුලව නොතිබුණේ යයි කාටනම් කිව හැකිද? මුදල් මාරු කරන්නන් වඩාත් බලවත් පුද්ගලයින් ලෙස එකල සමාජයේ ජීවත් වූවාට සැකයක් නැත. ජේත්තුවට යුරෝපීය ඇඳුම් පැලඳුමෙන් සැරසුණු ස්වදේශිකයන් බර සපත්තු පැලඳ මේ වීදි පුරා ඇවිද යනු මඳකට නෙත් පියාගෙන මෙනෙහි නොකර සිටීමට කාට නම් හැකිවනු ඇතිද?”
ඒ අනුව අතීතයේ සිට පෙම්වතුන්ට හමු වීමටත්, දෙබස් තෙපලීමටත් උදව් වූ කයිමන් කුළුණ කොළඹ දෙස බලාගෙන විරාජමානව සිටින අයුරු අදටද අපට දැකගත හැකිය.
අයි. එම් දෙව්මිණි සිල්වා
විශේෂවේදි දෙවන වසර
ජන සන්නිවේදනය අධ්‍යයන අංශය
සමාජවිද්‍යා පීඨය