බිඳුම් විඳිනෙමි ….
- කවි
- الزيارات: 1530
හදින් වැළැඳි පෙර
නටබුන් සමයන්
කය නිදන රෑ යාමයන්වල
මතක සිහින සේ
අවුදින් අඩවන්
සිතැස් අග රැඳී
පුබුදුවයි සිරුර !
ටිකින් ටික දිරන
පණ ගිලිහෙන සිත්
සාලිකාව අග
බලෙන් වැනෙනා
බොළඳ ඇල්මක
හිඳුණු මළකඩ පහන්
ගිනි සිළ ….
" සබ්බං පහාය ගමනීයං " !
කොහෙන්දෝ ආ
උවැසි ස්වරයක්
සුලං තෑපැලෙන්
ඇවිත් සවන වෙත ! ….
….....................................
එකඳු වැහි කඳුළු
බිඳුවක් නොහෙලා
බලා සිටින විට
රුදුරු අහස් ගැබ ….
එකෙණෙහි තරුවක්
වැටිණි පොළොව මත
මියැදී රැඳෙනු හෝ
පිණිස උරුම තැන !
අකිල මල්ලිකාරච්චි
පළමු වසර
ලලිත කලා අධ්‍යනාංශය
මානව ශාස්ත්‍ර පීඨය