ආලයේ මාත්‍රා
- කවි
- الزيارات: 3714
ආලය බෙහෙතක් වී නම්
ගනිමි මම මාත්‍රා කිහිපයක්ම
සැනෙකින් නහරවැල් පුරා දිව යන
තනිකම - පාලුව
එක් රැයෙන් සුවවන්නට
සුව වී තනිකම
ආලයේ නහර වැල් දළුලා වැඩෙන කල
ලියමි මම බොහෝ කවි
ආලයේ බෙහෙත් සොය සොයා ඇවිදනවුන්ට
ආලයේ මාත්‍රා හරි හැටි කියා දෙන…..
ගනේෂා ගුණවර්ධන
ජන සන්නිවේදන අධ්‍යන අංශය
සමාජීය විද්‍යා පීඨය


