ගුරුවරුන්ට දෙවිවරු කියන්නේ ඇයි?
- කාලීන
- الزيارات: 8713
බය උනාද මේ විද්‍යාර්ථයාට විචිකිච්චාව ඇති වෙලා කියලා ඇත්තෙන්ම නෑ අංජලිකරණීය කර වන්දනීය පුද පූජා පැවැත්වීමට තරම් උතුම් පිරිසක් ලෙස ගුරුවරුන්ට මගේ හදවතේ වගේම ඔයාලගේ හදවතේ ලොකු ඉඩක් තියෙනවා කියලා දන්නවා ඒ තරම් උතුම් ලෙස ගරු බුහුමන් දක්වන්නට අපේ හිත ගොඩනැඟුණේ කොහොමද ඒක හරි ලස්සනයි නේද අහේතුක ලෙස නිර්මාණය වෙන සබඳකම් .
අපේ අම්මයි තාත්තයි ජීවිතේ මුල් ගුරුවරු ලෙස සලකනු ලබන්නේ ජීවයක් ලෙස මව් කුස තුළට ආ දා පටන් ජීවිතේ ගෙවන හැම තත්පරයකම සමාජ පුරවැසියකු වීමට අවශ්‍ය සියලු ඕනෑ එපාකම් හරි වැරදි කම්, හොඳ නොහොඳ කම් කියලා දෙන නිසා. “ඔක කොහොම නෙවෙයි මේ විදියට කරන්න” කියපු අවස්ථා අපේ ජීවිත කතා වල නැතුවාම නොවේ. අපි කරන සම්මත හෝ අසම්මත දේ එක්ක කවුරු නැතත් අපේ ළඟ අම්මයි තාත්තයි ඉන්නවා කියලා අවිශ්වාසයෙන් තොරව විශ්වාස කරනවා. දෙමාපිය සරණයෑම හැම මොහොතෙන් ම අපේක්ෂා කිරීම හේතු පාදක කරගනිමින් ලොවුතුරා තථාගතයන් වහන්සේ විසින් මාපිය වන්දනා ගාථා දේශනා කළ සේම උදේ හවස “මාතු පාදං නමා මහං”, “පිතු පාදං නමා මහං” ආදී ලෙස පසඟ පිහිටුවා වැඳීම හෙළ සිරිතක් සේම චාරිත්‍රයක් ද වේ. හරසුන් දේ පසුපස හඹා යන ලෝකයේ යාඥාවෙන් සියල්ල පතන ලෝකයේ තමාගේ ලෝකයේ සැබෑ ම මැවුම් කරුවන් වන ගුරු දෙමාපියන් ට වන්දනා මාන කිරීම සේම සැලකීම සැලකීමද මංගල කරුණක් බව මංගල සූත්‍රයේ දී “මාතාපිතා උපට්ඨානං පුත්තදාරස්ස සංගහෝ-අනාකුලා ච කම්මන්තා ඒතං මංගල මුත්තමං” යනුවෙන් දක්වා තිබේ. බෞද්ධ දර්ශනය පමණක් නොව කිතු දහමේ දී ද දස පනත තුළ මාපියන්ට සංග්‍රහ කිරීම මැනවි යන්න දක්වා තිබීම ද ඉස්ලාම් දහමේ දී ඒ පිළිබඳ The Qur'an verses of respecting parent හි කරුණු හයකින් (1-6) ද නබිනාය නබිනායක තුමන් දෙමාපියන් වෙනුවෙන් කළ කී දෑ එහිම 7 -10 දක්වා වූ කරුණ තුළින් මනාව පසක් කර ගත හැකිය.
නබිනායකතුමන් පමණක් තථාගතයන් වහන්සේ පසු වස් ගමන් කිරීම, මාතෘ දිව්‍ය රාජයාට දහම් දෙසීම, සිඟාලෝවාද සූත්‍රයේ දී පූර්ව දිශාවට දෙමාපියන් සමානකර දරුවන් විසින් දෙමාපියන්ට ඉටුවියයුතු යුතුකම් පෙන්වාදීම, සසර යම් පවත් වේ නම් බලවත් ම පාප කර්මය ලෙස දෙමාපියන් මැරීම, සදෙව් පින් වැඩෙන කාර්යයක් නම් දෙමාපියන්ට උපස්ථාන කිරීම පෙන්වා දුන් කරුණු කාරණා අතර කිහිපයක් වේ. මගේ පමණක් නොව ඔබේ ජීවිතය නැවත හැරී බැලීමේදී අද අප යම්කිසි තැනක සිටි නම් එහි මූලික අඩිතාලම මගේ ඔබේ දෙමව්පියන් නොවේද? ඉතින් අපගේ ගුරු දෙමාපියන් හට දෙවිවරුන් කීම වරදක්ද? මිහිපිට යම් දෙවියන් වේ ද ඒ අප දෙමාපියන් පමණයි.
තමන් ලොව යම් දෙයක්උගෙන ඇත්නම් උගත් දෙය තව තවෙකුට ආසාවෙන් ඒ දිය හැකි නම් ඉන් තවකෙකුට ජීවිතය දිනිය හැකි වේ යැයි සිතා කටයුතු කරන්නා ගුරුවරයා යැයි කිවහැකිය. ගුරුවරයා යන්න ඉදිරිපත් වන නිර්වචනයන් විවිධ ආකාරයෙන් දැක ගත හැකිවේ. දෙමාපියන්ට පසු අපට අපගේ ජීවිතය ඔපමට්ටම් කරන්නෙ ගුරුවරුන්ය. හරියට මැණික් ඔප දමන්නන් වගේ වටිනාකමකට අනුව වෙළෙඳපොළ යක් තීරණය කරනවා වගේ ඒත් ගුරුවරුන්ගෙ කාර්ය ඊටත් වඩා සංකීර්ණ කියලයි මට හිතෙන්නේ බොහෝ වේලාවන් ට දරුවකුගේ ජීවිතේ ඉදිරිය හරි අඩක්ම නිර්මාණය වන්නේ ගුරුවරයෙකුගේ දෑතිනි. ඒ අතරත් මුල්වියේ ගුරුවරුන්ට හිමි වන්නේ සේම හිමිවිය යුත්තේ මූලික තැනකි. එය අවිවාදයෙන් පිළිගත යුතුය. මන්ද අද ඔහුන් එහි නොවන්නට අප අකුරක්වත් නොදන්නා පිරිසක් වීම වීමේ ඉඩහසර 35% කින් වැඩිය යන්නයි මාගේ මතය. මාපියන්ට පසුව ගුරුවරුන් යනු අපේ ලොවේ දෙවන අව්‍යාජ දෙවිවරුන් වන්නේ මෙය. මන්ද සමාජයට දැනුම, කුසලතා, ආකල්ප වලින් යුක්ත සර්ව සම්පූර්ණ මිනිසා නිර්මාණය වන්නේ ගුරුවරයාගේ දෑතින් වීම නිසාවෙනි .
“ඕවාද සිප්ප දානේන සික්ඛා පේති මමං ගරු සගාරවේන චිත්තේන අහං වන්දාමි තං ගරු” පාදනමස්කාර වන්දනීය ගුරු බුහුමන් ලැබීමට තරම් උතුම් යන්න පෙන්වා දෙන තථාගතයන් වහන්සේ සිඟාලෝවාද සූත්‍ර දේශනයේ දී ආචාර්යවරුන් දකුණු දිසාවට සමාන කරමින් ශිෂ්‍යාවන් විසින් ආචාර්ය වරුන් හට විය යුතු යුතුකම් පෙන්වා දී තිබේ. වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ආචාර්ය වන්දනය සිදු කරන බුදුරදුන් ආරාම කාලාම උද්දක රාම පුත්ත යන දෙගුරුන් සොයා ප්‍රථමයෙන්ම වැඩම කරනුයේ බෝසතුන් සෙවූ නිවන් මග නිර්වාණ අවබෝධයෙන් අනතුරුවයි .
බොහෝ ගුරුවරුන් හුඟක් වෙලාවට හිත හිතා දා ගන්නව ඇත්තෙ ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා වෙන්න ඇති කියලයි හැම මොහොතකම හිතෙන්නේ මේ ලෝකේ ඊළඟ මොහොතේ කුමකින් කුමක් කරයි ද යන්න තීරණය කළ නොහැකි පිරිසක් තමයි දරුවන් කියන්නේ ලීලානන්ද ගමාරච්චි මහතා විසින් රචනා කරන ලද " හරි අපූරු ඉස්කෝලේ " එන ටොට් ටෝ චං තමයි හොඳම නිදසුන. ගුරුවරයා ඉවසීම, ආදරය, කරුණාව, තේරුම් ගැනීම,දැනුම යන සියල්ලේම සංගටකය. ගුරුවරයා මුළුමහත් ලෝකයාගෙම පුද පූජාවට පාත්‍ර වේ . ගුරුගීතයේ එන දුයිෂෙන්ගේ මතකයෙන් පිටමන් නො වන්නේ ඒ නිසාමයි. ගුරු සැමරුම් උත්සවශ්‍රීයෙන් ඔක්තෝම්බර් පස්වන දින සමරනු ලැබූවත් ශ්‍රී ලාංකිකයන් වන ඔබ ගුරු දිනය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් 6 වැනි දිනය. මේ කරුණු දෙස අවධානය යොමුකර බැලීමේදී අපේ අම්මටයි තාත්තාටයි වගේම සුවිශේෂී ස්ථානයක් අපට දැනුම ලබා දෙන ගුරුවරුන්ට ලබා දිය යුතු සේම ලැබී ඇති බව පෙනේ .
එක එක හීන වලට වෛවර්ණ එකතු කරල පුංචි හිත් වලට කටු පඳුරු නැති සුරංගනා ලොවක අපේ ජීවිතයට එකතු කරල පඩිපෙළ නැති ඉනිමං වල විඳවන්න ඇතුව විඳින්නට ජීවිතය දුන් දෙමාපියන් සේ ම ගුරුවරුන් බුදුවන්නට පතමු. පාද තබා මහ පොළොවේ දෙපයින් නැගී සිටින ජීවය ජීවමාන දෙවිවරුන් නම් ඔවුන් පමණයි. ඒ නිසාවෙන් ගුරුවරුන් මිහිපිට දෙවිවරු සේ සලකා වන්දනාමාන කිරීමට උගතුන් පෙළඹී සිටී .
හේමමාලී වඩුගේ
විශේෂවේදී තෙවන වසර
වාග් විද්‍යා අධ්‍යයන අංශය
මානව ශාස්ත්‍ර පීඨය