Image
ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන ක්ෂේත්‍ර අධ්‍යක්ෂ, 
ජ්යෙෂ්ඨ කථිකාචාර්ය අනූෂා එදිරිසිංහ 
වසරින් වසර මාරතු අටවෙනි දින කාන්තා දින සැමරුම පවතවමින් කාන්තා අයිතිවාසිනම් පිළිබඳ කතා කළඳ කාන්තාවක් වීම නිසාම ඔවුන්ට සිදුවන හිංසන අසාධාරණකම් අඩුවක් නැත.
කාන්තාවන් වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් වෙන්කිරීම සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස කුමක්ද? 
අතීතයේ සිටම ආසියා යුරෝපා රටවල කාන්තාවන්ට සිදු වූ වෙනස්කම් නිසා මෙවැනි දවසක් අපිට ලැබී තිබෙනවා. ලංකාව මේ වන විට කාන්තාවන්ට එරෙහි වෙනස්කම් පිටුදැකීමේ සම්මුතියට අත්සන් කිරීම නිසා අද  අපි කාන්තා දිනය සමරනවා. එමෙන්ම ලෝකයේ ජාත්‍යන්තර පුරුෂ දිනය නොවැම්බර් 19 දින සමරනු ලබනවා. නමුත් ලංකාවේ ජාත්‍යන්තර පුරුෂ දිනයක් සමරන්නේ නෑ. ආසියාතික කලාපයේ කානතාවන්ට වෙනස්කම්  වැඩියි කියලා මම පවසන්නේ නැහැ. ලෝකයේ අනෙක් රටවල ගෝලීය වශයෙන් එනම් අප්‍රිකාව,ඕස්ටේලියාව,පැපුවා නිව්ගිනියාව මේ සෑම රටකම කාන්තා හිංසනය සිදු වෙනවා සහ ඒවා ඉහළ මට්ටමක පවතිනවා. නමුත් එය වැඩි ලෙස කතාබහට ලක්වන්නේ ආසියා කලාපය තුළයි. ආසියාතික කලාපය තුළ තිබෙන සංස්කෘතික ලක්ෂණ සමග මේ අයට සිදුවන හිංසන ප්‍රමාණය වැඩියි. මේවා පිටු දැකීම සඳහා ජාත්‍යන්තර කාන්තා දිනය පමණක් ප්‍රමාණවත් නොවේ. සෑම දවසක්ම කාන්තාවන් වෙනුවෙන්  වැඩ කරන දවසක් විය යුතුයි. මෙහිදී විශේෂයෙන්ම පිරිමි අයට ද යම් පණිවිඩයක් ලබාදීම අත්‍යවශ්‍යයි. එනම් කාන්තාවන් සහ ගැහැනු දරුවන් ආරක්ෂා කළ යුත්තේ ඇයි යන කාරණාව සම්බන්ධයෙන් ය.
අද කාන්තාවගේ ශ්‍රම ශක්තිය අධ්‍යාපන, ආර්ථික, දේශපාලන, ක්ෂේත්‍ර තුළ විසිර පවතින්නේ කෙසේද?
අද ආර්ථික ක්ෂේත්‍රයට කාන්තාවන්ගෙන් 50% වැඩි දායකත්වයක් ලැබෙනවා. මේ වන විට කාන්තාවෝ විශාල ප්‍රමාණයක් අධ්‍යානයේ ඉහලට යාම එයට ප්‍රධාන හේතුවක්. ඇය අද ස්ව ශක්තියෙන් නැගී සිටීම නිසා කාන්තා ව්‍යවසායකයන් බිහිවී තිබෙනවා. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට ද අද වන විට කාන්තාවෝ විශාල ප්‍රමාණයක් ඒකරාශී වී සිටින බවක් පේනවා. එයට හේතුව ජනගහනයේ අසමතුලිතතාවය යි. අද අධ්‍යාපනය ලබන්නේ කාන්තාවන්ය. පිරිමි පාර්ශ්වය උසස් අධ්‍යාපනය ලබන අතර කාර්මික ක්ෂේත්‍රයට පිවිසීමේ ප්‍රවනතාවයක්ද පවතිනවා.ඒ නිසා වර්තමානයේ ආර්ථිකයේ ඉහළම තැන්වල සිටින වැඩි පිරිසක් කාන්තාවන්. ඒ ආකාරයට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කාන්තාවන්ට  වශයෙන් අවස්ථාවන් හිමි වී තිබෙන බව කිව යුතුයි.
තවත් පැත්තකින් අපේ රට තුළ සිදු කරන කාන්තා දැනුවත් කිරීම් සවිබලකරණය කිරීම සඳහා සිදුකරන දැනුවත් කිරීම් මත කාන්තාවන් තම ආර්ථිකය ගොඩනගා ගැනීමට උත්සාහ කර තිබෙනවා. අනෙක් පැත්තෙන් බලන විට අවිධිමත් ක්ෂේත්‍ර වන තේ පොල් රබර් වැනි ක්ෂේත්‍රවල නියැළෙන කාන්තාවන් සිටිනවා. උදාහරණයක් ලෙස පොල් වතු පොල් කොහු කර්මාන්ත  ආශ්‍රිතවකාන්තාවන් බොහොමයක් වැඩ කරනවා නමුත් මේ අය පිළිබඳව දත්ත සටහන් වෙලා නැහැ. මේ කාන්තා දිනයේ දී ඔවුන්  ගැනද කතා කළ යුතුයි. සමස්තයක් ලෙස ඔවුන් මේ රටේ ආර්ථිකය ඉහළ නැංවීමට විශාල කැපවීමක්  සිදු කරන පිරිසක්.
Image
දේශපාලන වශයෙන් ගත් විට අද කාන්තාවන්ට දේශපාලනයට යාමට ඉඩකඩ ඇහිරිලා. මෙහිදී අප 25% කෝටාව ගනු ලැබුවා. අනතුරුව ඔවුන් පුහුණු කර නාමයෝජනාවලට පදනම නිර්මාණය කළා. නමුත් නාම යෝජනා ගැනීමට ගිය විට කාන්තාවන් සිර කර තිබෙනවා. මේ නිසාම කාන්තාවන්ට දේශපාලන ක්ෂේත්‍රය තුළ ගමන් කළ හැකි දුර අඩුයි. අපහටද  යම් මට්ටමක නාම යෝජනා ගැනීමට යාමට ඉඩ පවතිනවා. නමුත්  මේ නාම යෝජනා ක්‍රමය තුළ දී අපටත් නාමයෝජනා ගැනීමට යාමේදී අපහසුයි. නමුත් නාම යෝජනා ලබා ගත්තද මේ ක්ෂේත්‍රය තුළ දී තුළදී කාන්තාවන්ට බොහෝ ප්‍රශ්න වලට මුහුණ  දීමට සිදුවෙනවා. ඊට හේතු ලෙස බොහෝ විට ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇසුරින් වෛරී ප්‍රකාශන බොහොමයක් ඉදිරිපත් වන ආකාරයක් දක්නට ලැබෙනවා.දේශපාලන සංස්ථාව තුළ වෛරී ප්‍රකාශන බරපතළයි. එසේම අපේ රටේ  හිංසනය යොදාගනිමින් දේශපාලනය යෙදවීම දක්නට ලැබෙනවා. නමුත් ලෝකයේ වෙනත් රටවල් හිංසනයෙන් තොරව දේශපාලනය සිදු කිරීම දැකගත හැකියි. නමුත් කාන්තාවන් දේශපාලන වේදිකාවට ගිය විට ගැහැනු අයට මඩ ගැසීම සහ තර්ජන කරන ප්‍රමාණය වැඩියි. ලිංගික තර්ජන හිංසන වැඩි වීම දැක ගත හැකියි. මේ නිසාම කාන්තාවෝ දේශපාලනමය වශයෙන් සවිබලගැන්වූවත් ඔවුන් මේ ක්ෂේත්‍රයට පැමිණෙන්නේ නෑගමෙය ලංකාවේ සමස්තය තුළ දකින්නට  ලැබෙනවා. නාමයෝජනා දෙන විට ප්‍රතිපත්ති සම්පාදනයට දායක වීමට හැකි කාන්තාවන්ට එය ලබාදිය යුතුයි. එසේ නොමැතිවත් ලබා දී තිබෙන අවස්ථා  තිබෙනවා. එවැනි තත්වයන් තුලදී අවාසි සහගත තත්ත්වයන්ද උද්ගත වී තිබෙනවා.
ගෝලීය වශයෙන් බලන විට කාන්තාව මේ සමාජය තුළ සිටින තැන සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස කුමක්ද?
ගෝලීය වශයෙන් ගත් විට යුරෝපා රටවල අධ්‍යාපන ක්‍රමය වෙනස්ය. ඒ රටවල කුඩා කාලයේ සිටම ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමානාත්මතාවය උගන්වනවා. නමුත් අපේ රටේ පෙරපාසල් හෝ ගෙදරදි මේ පිළිබද ඉගැන්වීමක් සිදු කරන්නේ නැහැ. මම ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා සමානාත්මතාව පිළිබදව අධ්‍යනයන් සිදු කිරීම නිසා මගේ දරුවා ඒවා ගැන කතා කරනවා. ඇය ඒවා ගැන හිතනවා, නමුත් සෑම දරුවෙකුටම මේ අවස්ථාව ලැබෙන්නේ  නෑ. ලෝකයේ යුරෝපා රටවල මානව අයිතිවාසිකම් පිළිබඳව වැඩි වශයෙන් කතා කරන ආකාරයන් දකනට ලැබේ. අනෙක් අයටද හිංසන නොකර සිටීමේ ඉඩකඩ ගැන කථා කරවා. මෙවර කාන්තා දිනයේ තේමාව වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය යන්නයි. ඒ පිළිබඳව පෙරහුරුව  ළමයාට කුඩා කාලයේ සිටම යුරෝපා රටවල් ලබා දෙන නමුත් ලංකාවෙහි එවැනි අධ්‍යාපනය රටාවක් නැහැ. රටක් ලෙස ලංකාව මේ ක්‍රමවේදය බිඳ දැමිය යුතුය. විශේෂයෙන්ම තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් හැරුණුකොට අනෙක් රටවල් බොහෝ වෙලාවට මෙය පාලනය කරගෙන තිබෙනවා. ඒ නිසා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පදනම් වූ සමාජයක් නිර්මාණය කරගෙන තිබෙනවා. මේවා කතා කරන විට ද ඇතැම් අයෙක්ට අපබ්‍රන්ස විය හැකියි. සුදුසු නැති කාන්තාවන්ට සුදුසු නැති යනාදී ලෙසින් මෙහිදී කාන්තාව පාදක කරගෙන සංවේදී සමාජයක් ගොඩනැගීම  සිදුවෙයි.ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව කාන්තාවන්ට ඇයි හිංසනය වෙන්නේ? මෙය කාන්තාව පදනම් වූ ප්‍රවේශයක්. අනෙක් ප්‍රවේශය පුරුෂයා පදනම්ව සිදු කෙරේ.එක් පැත්තකින් කාන්තා සංවේදී සමාජයක් ගොඩනැගීමට උත්සාහ කරන අතර අනෙක් පසින් ඒ අයට සිදුවන හිංසන වෙනවා. එනම් මේ ලෝකයේ නව කොවිඩ් වසංගතය තුළ දෙන්නෙක් ගත්විට එක්කෙනෙක් එයට ගොදුරක් වෙනවා කියන තත්ත්වයට සමානයි. 
මේ පවතින තත්ත්වය වෙනසකට පත් කරනවා නම් එය ආරම්භ කළ යුත්තේ කොයි තැනින් ද?
Image
මේක වෙනස් කළ යුත්තේ ප්‍රධාන ලෙසම අධ්‍යාපනය තුළින්. ඒවගේම මෙය ආරම්භ කළ යුත්තේ පවුලෙන් ය. පවුලේ අධ්‍යාපනය සමාජානුයෝජනය තුළින් සහ  දිවා සුරකුම් මධ්‍යස්ථාන,පෙරපාසල් තුළින් ආරම්භ කළ යුතු වේ.ලෝකයේ සමහර රටවල 3 ශේණියේ සිට පවා ලිංගික අධ්‍යාපනය ගැන උගන්වනවා.නමුත් අප අපේ සමාජයේ ඒ ගැන කතා කළොත් එය අමුතු මාතෘකාවක් බවට පත් වෙනවා.ඒ හැරුණු විට මෙය අසභ්‍ය දේ උගන්වනවා යන මතය මිනිසුන් තුළ පවතිනවා.මේ නිසා ලිංගික අධ්‍යාපනය විෂය ක්ෂේත්‍රය  දරුවන්ට අනිවාර්ය කළ යුතුයි. එදා ලංකාවේ පොත් පිට කවරවල  ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තිබුණේ නැහැ. නමුත් යම් මට්ටමක අද වන විට පවතිනවා.දරුවන්ට අනිවාර්යයෙන් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉගැන්විය යුතුය. මේ නිසා මූලිකවම දරුවාට ඉගැන්වීම සඳහා ගුරුවරයා ව පුහුණු කළ යුතුය.එසේත් නැතිනම් දරුවෝ පුහුණු කිරීමෙහි ප්‍රතිඵලයක් නැත.මේ වන විට රටවල් පහක යුනෙස්කෝ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා.එහි ශ්‍රී ලංකාවෙහි ව්‍යාපෘතිය භාරව සිටින්නේ මම, එහිදී අපේ ස්ත්‍රී පුරුෂ  සමාජභාවී අධ්‍යයන මධ්‍යස්ථානයෙන් ඒ සදහා ව්‍යාපෘතියක් සිදු කළා. එහිදී අප විසින්   ගුරුවරු විශාල ප්‍රමාණයකට  පුහුණුව ලබා දීමට හැකිවුණා.සෑම විශ්වවිද්‍යාලයාලයකම මේම මධ්‍යස්ථාන ස්ථාපිත කළ යුතුයි.මේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනිවාර්ය විෂයක් විය යුතුයි.මේ වසරේ සිට ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ වෙනස්කම් ලෙස විෂයයක් විශ්වවිද්‍යාල විෂය ක්ෂේත්‍රයට  එක්වෙනවා.මෙයට අනිවාර්යයෙන් සෑම අධ්‍යන අංශයකින්ම එක් ආචාර්යවරයෙකු මෙය ක්‍රියාත්මක කිරීමට ගව්නවාග ඒ අතර එය අනිවාර්ය විෂයයක් වනවා . අද වෙනවිට බොහෝ රටවල් තුළ මෙය ක්‍රියාත්මකයි.ඔක්ලොහොමා සෙන්ට්‍රල් විශ්ව විද්‍යාලයේ මෙය ක්‍රියාත්මක වනවා.මෙම විභාගය සමත් වීම අනෙකුත් විෂයයන් අධ්‍යයනයට සුදුසුකමක් වේ.ලංකාව තුළ ද අනිවාර්ය විෂයයක් ලෙස ලබාදීම හෝ අනිවාර්යෙන් උපාධිය ලබා ගැනීමේදී මෙම විෂ සමත් විය යුතුයි.මා දැඩි ලෙස පවසන්නේ මෙය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෙනස්කමක් ලෙසයි. සෑම විශ්වවිද්‍යාලයක් තුළ ම අද ස්ත්‍රී පුරුෂ සමාජභාවය අධ්‍යන  මධ්‍යස්ථානයක්    තිබෙනවා. එයට හේතු වූයේ අපේ ස්ත්‍රී පුරුෂ  අධ්‍යන මධ්‍යස්ථානය  මගින් සිදු කරනු ලැබූ පර්යේෂණය වේ.
වර්තමානය වන විට ලංකාව තුළ පුරුෂයාට සාපේක්ෂව කාන්තාවට සාධාරණයක් හිමිවී තිබෙනවා ද.? ඒ සම්බන්ධව ඔබතුමියට අද දවසේ සමාජයට දීමට තියෙන පණිවිඩය කුමක්ද..?
පැහැදිලිවම මේ සමාජය තුළ පුරුෂයාට සාපේක්ෂව ස්ත්‍රීයට සාධාරණයක් ඉටු වෙලා නැහැ.ස්ත්‍රී පුරුෂ සමාජභාවය අධ්‍යනය මධ්‍යස්ථානය   සහ වෛද්‍ය පීඨය එක්ව අධ්‍යනයක් සිදු කළා .ඒ අනතුරු ,සියදිවි නසාගැනීම් සහ කාන්තා ඝාතනය සම්බන්ධයෙන්.බිරිඳ හා සැමියා අතර අරගලය බත් හැළිය ඉදෙන තුරු පමණක් යන මතය පොලිසිය විසින් ද හිතන අවස්ථා තිබෙනවා.ඒ නිසා ඔවුන්ව ද පුහුණු කළ යුතු ය.මෙවැනි තත්ත්වයන් බරපතළ ලෙස ඉදිරියට යාම නිසා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගනිමින් ප්‍රචණ්ඩත්වය ඉහළ ගොස් තිබෙනවා.
මෙහිදී විශේෂයෙන් හමුවන්නේ ස්වාමියා විසින් වැඩි ප්‍රමාණයක් කාන්තා  ඝාතන සිදුකර ඇති බවයි.එය 28% ලෙස සොයාගෙන තිබෙනවා.නෑදෑයෝ 20% ලෙසත් ,අසල්වාසීන් සියයට 9% ලෙසත් මෙම ඝාතන සිදුකර ඇති බව හඳුනාගෙන තිබෙනවා.විශේෂත්වය වන්නේ අප විසින් දන්නා පුද්ගලයින් විසින් මෙම ඝාතන සිදු කර තිබීමයි.ඔවුන් විවාහක ස්වාමියා, නෑදෑයන් අසල්වාසීන් සහ ත්‍රීවීල් පාර්ක්වල පුද්ගලයන් යනාදීන්ය.එහිදී 75% මරණ සිදු වී තිබෙන්නේ නිවසේදීය.මහජනයා ගැවසෙන ස්ථානවල සියයට 10% සහ කැලෑබද ප්‍රදේශවල 12% ක්.මෙම මරණ වැඩිපුර සිදු වී තිබෙන්නේ දිවා කාලයේදීය.මෙහිදී විශාල ප්‍රමාණයක් මියගොස් ඇති අතර ඒ සඳහා ප්‍රධාන හේතුව වී තිබෙන්නේ ආදර සම්බන්ධතාවයන් , අනියම් සම්බන්ධතා සහ ලිංගික ප්‍රශ්න ය.මම පවසන්නේ ඔබේ ශරීරය අයිති ඔබට විතරයි.විවාහ වූ පසු ස්වාමියාට බිරිඳ ගේ ශරීරය ගැන තීරණ ගැනීමට අයිතියක් නැහැ.නමුත් බොහෝ කාන්තාවන් බෙලහීන වෙලා සංස්කෘතිය කියන පෙට්ටිය ඇතුලේ සිර වී සිටිනවා.එයින් එළියට පැමිණ මේ ලෝකය දෙස බැලිය යුතු යි.එහිදී මේ දේවල් සිදු වෙන ආකාරය සහ තමන්ගේ අයිතිය කුමක්ද.? ,මේ සමාජය තමන්  නිදහසේ ජීවත් වෙන්නේ කොහොමද යන්න සෙවීමට ඇයට කල්පනාවක් නැත. ඒ සිතුවිලි මේ සමාජය තුළ අවහිර කර තිබෙනවා.ඇයට අලුතින් සිතීමට ඉඩක් නොදෙන්නේය.ඒ නිසා මේ මරණ වලට ප්‍රධාන හේතුව පවුල් ආරවුල් වේ.මේ තුළ අනියම් සබඳතා ගොඩ නගා ගැනීම සිදුවේ .ලංකාවේ ආදර සබඳතා නිසා 10 000 ක් පමණ මරණ වාර්තා වෙනවා අතර ඒ සඳහා අනියම් ප්‍රේම සබඳතා බලපාලා තිබෙනවා.එමෙන්ම පවුල් ආරවුල් පමණක් 115000 ක් පසු කර තිබෙන බව වාර්තා වනවා.
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ මාතෘකාව ”තිරසාර හෙටක් සඳහා අද ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය.”.මෙහි සමානාත්මතාවය ආරම්භ කළ යුත්තේ පෙර පාසලෙන් සහ පාසලෙන් ය.ඒ සඳහා ගුරුවරුන් පුහුණු කළ යුතු වේ එනම්,දිනයක විශ්වවිද්‍යාල වෙත පැමිණෙන්නේ එම දරුවන් වීම එයට හේතුවයි.
වයි.බී.තිළිණි නිසංසලා
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
කැලණිය විශ්වවිද්‍යාලය