Image
කොවිඩ් යුගයෙන් පසු සෑම රටක්ම ආර්ථිකය බිඳ වැටීමට ලක් විය. වසර දෙකකට වැඩි අධික  කාලයක් ආයනික අපනයනික වෙළඳාමක් සිදු නොවීය. මේ නිසාවෙන් ලංකාවේ ආර්ථිකය බිඳ වැටීය. එමගින් රටේ පැවැත්ම අස්ථිරත්වයට පත් විය. ලාංකියන්ගේ ජීවත් වීමේ අරගලය දිනෙන් දින උග්‍ර විය.රටේ ආර්ථික පරිහානියත් දේශපාලනයේ ඇති ව්‍යාකූලත්වයත් ලංකාවේ පැවැත්ම දැඩිව අස්ථිරත්වයට පත් කිරීමට සමත් වුහ. රටේ ආර්ථික පහුබෑමත් සමඟම රටේ මාධ්‍ය කලාවද අර්බුදයකට පත්ව ඇත. විශේෂයෙන් මේ තත්වය පුවත්පතේ පැවැත්ම සඳහා දැඩිව බලපෑමක් ඇති කර ඇත.
කඩදාසි වල පැවැත්ම මත පුවත්පතේ පැවැත්ම රඳාපවතින බව අපි දනිමු. යුක්‍රේන අර්බුදය නිසා කඩදාසී හිඟ වීමක් මෙන් පවතින්නා කඩදාසින් වල මිල ඉහළ යාමත් සිදු වී ඇත. කඩදාසි වල මිල ඉහළ යාම පුවත්පත් කලාව පැවැත්මට තර්ජනයකට ලක් ව ඇත. එමෙන්ම කඩදාසීන් වල මිල ඉහළ යාම තවත් සාධයන් රැසක් බලපෑ ඇත. ඒවානම් , කඩදාසි නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා , සේවක ගැටලු සැපයුම් ජාලයේ අවුකාරී පසුබිම ආදියන් පෙන්වා දිය හැකිය. කඩදාසි මිල ඉහළ යාම නිසා පුවත්පතෙහි නිෂ්පාදන මිල සීඝ්‍රයෙන් ඉහළ දමා ඇත. කඩදාසී සීමිත වීම නිසා ඇතැම් පුවත්පත් ආයතනයන් ක`ඵ කඩ හරහා කඩදාසී ලබා ගැනීමද සිදු කරනු ඇත. කඩදාසීන් වල නියම ප්‍රමිතියෙන් දුරස්ව විකල්ප ක්‍රමයක් ලෙස බාල කඩදාසි පුවත්පත් සඳහා යොදා ගැනීමට ආයතනයන් යොමුව ද ඇත. මෙමගින් තව තවත් පුවත්පත් පරීශිලනය කරන පාඨකයන් ප්‍රමාණය අවම වීමක් සිදු වී ඇත.
කඩදාසි මිල ඉහළ යාම  නිසා පුවත්පත් අන්තර්ගත පිටු ප්‍රමාණය සීමිත කිරීමට පුවත්පත් ආයතනය විසින් තීරණය ගෙන ඇත. විශේෂයෙන් අතීරේක පුවත්පත් ඇතුළත් කිරීම අවම කිරීමට යොමුව ඇත්තේ මේ නිසාවෙනි. එහිදි ඇතැම් දිනපතා පුවත් පත් අවම වශයෙන් පිටු 12 වීය. එමෙන්ම සති අන්ත පුවත්පත් වල අතිරේක ප්‍රමාණය අඩු කිරීම සිදු කර ඇත. ඉරිදා ලංකාදිප පුවත්පතේ අතීරේක ප්‍රමාණය අඩු කිරිම තිබිම පෙන්වා දිය හැකිය. එමෙන්ම පුවත්පතේ නිෂ්පාදන වියදම ඉහළ යාම නිසා පුවත්පතේ  මිල ගණන් වැඩි කිරීමක් සිදු කර ඇත. දිනපත් පුවත්පක පෙර පැවති මිල රුපියල් 30 කි. පසුව රුපියල් 50 මිලකට අලෙවි කිරීමක් සිදු කෙරේ. සති අන්තපුවත්පත රුපියල් 90 සිට 150 ක් දක්වා මිල වැඩි වීමක් සිදු වී ඇත.  පුවත්පතේ මිල ඉහළ යාමත් ,  පිටු ප්‍රමාණය අවම පාඨක අවධානය අහිමිව යාමට හේතු වී ඇත. මන්ද අතීතයේ දී තොරතුරු දැකීමේ අවශ්‍යතාවය නිසා ඉතා සු`ඵ මුදලක් ගෙවා පුවත්පතක් මිල දී ගැනීමේ අවස්ථාවක් පාඨකයන්ට තිබුණි. එමෙන්ම සැලකිය යුතු ප්‍රමාණයකින් යුක්ත ප්‍රකාශනයක් නිසා පුවත්පත මිල දී ගන්නට ඔවුන් පුරුදු වී සිටියහ. දිනපතා පුවත් පත ප්‍රවෘත්තිමය ගුණාත්මක බවින් තිබුණ ද සති අන්ත පුවත්පත විශේෂාංගන්ට දැඩි අවකාශයක් හිමි වීමත් අති අන්ත පුවත්පත් අලෙවියේ ප්‍රවර්ධනයක් දිනපතා වඩා අති අන්ත පුවත්පතට හිමි විය. මේ තත්ත්වය අද වෙන වෙනස් වී ඇත. පුවත්පතේ පිටු ප්‍රමාණ අවම වුවත් මිළ ඉහළ ගොස් ඇති නිසා පාඨයන් පුවත්පත මිල  ගැනීමට මැලිකමක් දක්වති. වැඩි මුදලක් වැය කරමින් පුවත්පතක් මිල දී ගත්තද තොරතුරු දැන ගැනීමට තරම් තොරතුරු ප්‍රමාණයක් පුවත්පතේ නොමැති වීම හේතුවෙන් මිල දී ගැනීම වෙනුවට ඔවුන් ෑ පුවත්පත නැරඹිට සිදු කරයි. අදවන විට පුවත්පත් අලෙවිය පහළ බැසීමක් සිදු වී ඇත්තේ මේ හේතුවෙනි. එමෙන්ම පුවත්පතේ ගුණාත්ම බව අඩු වී තිබීමත් , මුල් පිටුවේ ආකර්ශණය අඩු වීමත් පුවත්පතේ අලෙවිය පහළ වැටී ඇත. අතීතයේ දී සතියතකට පුවත්පත් ලක්ෂ 12- 14 ප්‍රමාණයක් අලෙවි වු අතර වර්තමානයේ ඒ තත්වය ලක්ෂ 6.75 පහත වැටීමක් සිදු වී ඇත.
එපමණක් නොව පුවත්පතේ අන්තර්ගතයෙහි පවතියාවු අවකාශය සීමිත වීම නිසා පුවත්පත් කලාවේදීන්හු දැඩි දුෂ්කරතාවයකට පත් ව ඇති බවක් පෙනෙන්ට ඇත. පුවත්පත් කලාවේදීන්ගේ රැකියා අස්ථීරත්වයට පත් වී සඳහා වර්තමානයේ පුවත්පතේ තත්ත්වය හේතුවේ. ඒ අතරින් ප්‍රාදේශිය වාර්තාකරුවන්ගේ රැකියාවේ බිඳ වැටීම සිදු වේ. එය කෙසේද යත් පුවත්පත තුළ ඇති සීමිත අවකාශය නිසා ජනතා වැඩි අවධානයක් පමණක් දිනා ගත් පුවතක් පමණක් පුවත්පතේ පළ කිරීම සිදු කරන නිසාවෙනි.  ජීවත් වීමට මාසකට සරිලන මුදලවත් ප්‍රදේශිය වාර්තාකරුවෙකුට නොලැබී යාම නිසා පුවත්පත් කාලාවෙන් ඈත්ව වෙනස් අංශයන් කරා යාමේ අවකාශය වැඩි ව ඇති නිසාවෙනි. පුවත්පතේ පිටු ප්‍රමාණය අවම වීමෙන් ලිපි පළ වීමේ අවකාශය අඩු වීම සිදුවේ. මේ තත්තවය නිසා පුවත්පත් කලාවේ සිටින්නාවු මහා ප්‍රඥාවන්තයින් අනිකුත් මාධ්‍යන් කරා යොමු වීමට පෙළඹේ. එමනිසා පුවත්පත් කලාවට සිදු වන්නේ විශාල පාඩුවකි. අත්දැකීමු බහුල , පළපුරුදු ඇත්තෝ පුවත්පත් කලාවෙන් නික්වෙද් ම පුවත්පතේ ගුණාත්මකභාවය පිරිහෙන්නට පටන් ගනි. නිවැරදි මඟ පෙන්වීමක් නොමැතිව ගමන් අරඹුහොත් නොබො දිනක් යත්ම පුවත්පත් ඇසට දකින්ටවත් නොලැබී යනු ඇත. 
Image
මේ පමණක් නොව පුවත්පතේ පිටු සඛ්‍යාව සීමිත වීමෙන් පුවත්පත් වලට හිමිවන්නාවු වෙළඳ දැන්වීම් ප්‍රමාණය ද අහිමිව යනු ඇත. පුවත්පතක නිෂ්පාදන පිරිවැය 20% ප්‍රමාණයක් අලෙවියෙන් ලැබෙන අතරමට ඉතිරි 80% ප්‍රමාණය වෙළඳ දැන්වීමෙන් ලැබෙන ආදායමෙන් පුවත්පත ප්‍රකාශනයට පත් කරනු ඇත. පාඨක අවධානය ගිලියත්ම පුවත්පතට ලැබෙන්නාවු වෙළඳ දැන්වීම් අඩු වීමක් වර්තමානය වන විට දක්නට ලැබේ. මෙමගින් පුවත්පතේ පැවැත්මට බාධාකාරී බවක් ඇති නිසාම ඇතැම් පත්තර ආයතනයන් අද වන විට වසා දැමිමට කටයුතු කර ඇත. අද වන විට පාඨක රුචිකත්වය වයස අවු 45 - 65 වු අතර වයස අවු 18- 25 දක්වා වයස් පරතර පාඨකත්ව අඩුක් පැවති බැවිනි. ඇත්තටම තරුණ පරපුරද පුවත්පතේන් ගිලිලා ද යන්න ප්‍රශ්නක් ඇති වුත් තවමත් පුවත්පත කෙරෙහි අවධානයන් ඔවුන් සතු ව ඇත. නව මාධ්‍ය සාපේක්ෂව සක්‍රිය දායයත්වයක් නොලැබෙන බව විශ්වාසය. නමුත් පුවත්පත යම් අවශ්‍යතාවක් සඳහා කියවීමට සිදු වුවහොත් තවමත් ඔවුන් භෞතික පුවත්පත කියවීමට යොමු වනු ඇත. ඒ මන්ද අදටත් ලංකාවේ අධ්‍යාපන ව්‍යුහය පෙළ පොත මුලික කරගෙන සම්පාදනය වී ඇති හේතුවෙනි. වෙඩ් අවකාශයේ පුවත්පත කියවීම වෙනුවට පත්තර ලෑල්ලේ ඇති පත්තරය කියවීමට තවමත් ලාංකීයන් පුරුදුව ඇත.
කවර හෝ දිනක ලෝකයේ පුවත්පත් කලාව ශේෂ වුවත් ලාංකීය සමාජය තුළ පුවත්පත ශේෂ වීමට කලක් ගත වන බව අප දන්නාවු කරුණකි. ශ්‍රි ලංකාව කුඩා රටක් වුවත් අවසාන වශයෙන් පුවත්පත් කලාවේ අවසාන පුරුක මේ මව් රට වන බව නියතය. මන්ද ලාංකීය පාඨක සමාජය කුඩා බැවින් කුඩා පාඨක සමාජයක් හසුරුවමින් දියුණු පත්තර කලාවත් පවත්වා ගැනීමට තවමත් වරම් ඇති බව පෙන්වා දිය යුතුය.
 
තමාෂා සෙව්වන්දි
විශේෂවේදි ගෞවරව දෙවන වසර
ජන සන්නිවේදන අධ්‍යනාංශය