විදෙස් ගතවන ලාංකික කතුන්ගේ ඉරණම
- කාලීන
- الزيارات: 2615
විදෙස් රටවල සේවය සඳහා යන අපේ රටේ ශ්‍රමිකයන්ගෙන් සියයට 48 ක් කාන්තාවන් ය. එයින් සියයට 85 ක් ම විදේශගත වන්නේ ගෘහ සේවය සඳහා ය. වෙනත් රටවල ගෘහ සේවයේ තත්ත්වයට වඩා ලංකාවේ තත්ත්වය නම් ඊට හාත්පසින්ම වෙනස් ය. එනම් මෙරට ශ්‍රමිකයන් ලෙස විදෙස් ගතවන විදේශ විනිමය විශාල වශයෙන් උපයාදෙන ගෘහ සේවය තුළ මේ වනවිටත් විශාල වශයෙන් ඛේදජනක ගණනාවක් කණගාටුවෙන් වුව ද වාර්තාවීමයි.
බාලම දරුවාට වයස අවුරුදු පහ සම්පූර්ණ වන තුරු මව්වරු විදේශ රැකියා සඳහා යැවීම තහනම් කිරිම ඇතුළු දරුවන්ගේ ආරක්ෂාව සඳහා තිබූ නීති පවා වෙනස් කරමින් පවතින ආර්ථික අර්බුදය හමුවේ මව්වරු වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යැවීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග බරපතල ඛේදවාචකයන් නිර්මාණය කර තිබේ.
මේ අතර ම ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදේශ ගතවන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලාංකික කාන්තාවන් සඳහා ගෘහාශ්‍රිත විදෙස් රැකියාවක නිරත වීම සඳහා දැනට පවතින අවම වයස් සීමාව සෞදි අරාබිය සඳහා අවුරුදු 25 ක් ද අනෙකුත් මැද පෙරදිග රටවල් සඳහා අවුරුදු 23 ක් ද අනෙකුත් රටවල් සඳහා අවුරුදු 21 ක් ද ලෙසයි.
"සංචාරක වීසා මඟින් ගෘහ සේවයට ගොස් දුක් ගැහැටවලට මුහුණ දුන් පිරිසක් යළි දිවයිනට"
"නීති විරෝධිව කාන්තාවක් ගෘහ සේවයට යැවූ තැරැව්කරුවා අත් අඩංගුවට"
"ඩුබායිහි ගෘහ සේවිකාවන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්"
"ඕමානයේ සේවයට ගිය තරුණියක් අතුරුදන්"
"විදේශයේ සිට කුවේටයේ සේවයට එන සංක්‍රමණිකයන්ට අනිවාර්යය නියෝගයක්"
"කොවිඩ් වසංගතය හමුවේ අසරණව සිටින ගෘහ සේවකයින්ගේ කඳුළු කතාව"
මේ අයුරින් ගෘහ සේවිකාවන් ලෙස මෙරටින් පිටවී මැදපෙරදිග රටවල සේවයට යන ලාංකික කාන්තාවන්ට සිදුවන නොයෙකුත් හිරිහැර තාඩන පීඩන දිගින් දිගටම වාර්තා වන නමුත් ඒ වෙනුවෙන් තවමත් නිසි විසඳුමක් නොමැතිවීමත් එක්තරා ඛේදනීය තත්ත්වයකි. කාන්තාව විදේශගත වීම අද වනවිට සමාජ පුරුද්දක් බවට පත් වී තිබෙන්නේ මේ නිසා ය.
අද වනවිට කිසිදු ප්‍රමිතියකින් තොරව බාල වයස්කාර දැරියන් සහ වෙනත් කාන්තාවන් පොදුවේ ගෘහ සේවය සඳහා යොමු කරන ආයතනයන් ද බොහෝය. ඇතැම් ආයතන වීසින් කිසිදු පුහුණුවකින් තොරව ව්‍යාජ ලේඛන සකසා ගෘහ සේවය සඳහා කාන්තාවෝ පිටරට යැවෙති. එම නිසා එවැනි ආයතන පිළිබඳ සමාජයේ ඔබ දැනුවත් විය යුතු වන්නේ එනිසාය.
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ලාංකික ගැහැණිය යනු තාක්ෂණය සමඟ දියුණු වන ලෝකයේ ජීවන අරගලය ජය ගැනීමට මහත් වෑයමක් දරන යුග පුරුෂයෙකි. ඒ වෙනුවෙන් ඔවුන්ට අපිරිමිත ලෙස සටන් වැදීමට සිදු වී තිබෙන්නේ දරාගැනීමේ පරිමාණයන් ද ඔබ්බවා ගොසින් ය. ඒ කෙසේවුවත් විදේශ රැකියා සම්බන්ධ කතිකාවතට ලක් කිරීම ආරම්භයේදී ම ද ඒ හා ප්‍රථමයෙන් බැඳෙනුයේ පිරිමියා නොව මෙකී යුග පුරුෂයෙකු වන යකඩ ගැහැණිය වීම තවදුරටත් සුවිශේෂීත්වයකි. ඉහත පුවත් හා දත්තයන්ට අනුව පැන නගින අදහාගත නොහැකි ගැටළුව වන්නේ ජීවන අරගලය ජය ගැනීම සඳහා විදෙස් ගතවන ශ්‍රී ලාංකික කාන්තාවන්ට සිය රැකියාව පමණක් සිදුකර ජීවත්වීමට ඇති අයිතිය එකී මෙකී නොකී රටවල් හරහා සුරක්ෂිත වනවාද යන්නයි.
ගෘහ සේවය ඇතුළු රැකියා සොයා යන ලාංකික කාන්තාවන් ඕමානයේ දී ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු පසුගිය වසරේ වාර්තා විය. ඕමානයේ රැකියා ලබාදෙන බව පවසමින් ඇතැම් විදේශ රැකියා නියෝජිත ආයතන තරුණියන් හා කාන්තාවන් එරටට රැගෙන ගොස් තිබෙන අතර බොහෝදෙනා රැගෙන ගොස් ඇත්තේ සංචාරක වීසා භාවිත කරමින් බව එහිදී සිදුකළ පරීක්ෂණවලින් හෙළිවිය.
එරට නියෝජිත රැකියා ආයතනයේ දී කාන්තාවන් පෙළට තබා වයස හා පෙනුම අනුව ලිංගික කටයුතු සඳහා අලෙවි කර ඇතැයි සිදුකළ පොලිස් පරීක්ෂණවලදී හෙළිවිය. ඕමානයේ දී ලිංගික අතවරයට ලක් වූ කාන්තාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කළ ප්‍රකාශයකින් කියැවෙනේනේ ඇයට සිය කාමරයේදී ලිංගික අතවරයන් සිදු වූ බවයි. තමාගේ අතින් අල්ලන බව සිය කාමරයට නිරුවතින් පුද්ගලයින් පැමිණෙන බවත් ඇය ප්‍රකාශ කළ අතර ඇය තවදුරටත් පවසා ඇත්තේ එය එහි සාමාන්‍ය සිදුවීමක ලෙසයි. එසේම මේ රැකියාවට පැමිණෙනවානම් ඒ සියල්ලට හුරුවන්නැයි ඇය පැවසූ බව මෙම කාන්තාව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශයේ දැක්වෙයි.
මෙවැනි සිදුවීම් හමුවේ අවසානයේ නිර්දේශ හා නිගමන අවස්ථාවේ ඉදිරිපත් කරනු ලබන යම් යම් කරුණු සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියා කරන බව බලධාරීන් විමසන අවස්ථාවේදී ප්‍රකාශ කළද අද වන තුරුත් මෙවනි සිදුවීම් වාර්තා වීමේ අඩුවක් නම් පෙන්නුම් කරන්නේ නැත. මේ එසේ සිදු වූ එක් සිදුවීමක් පමණි. මෙවැනි සිදුවීම් අද වන විටත් කොපමණ වාර්තා වනවා ද? මෙවැනි සිදුවීම් හමුවේ ලාංකික කාන්තාව සුරක්ෂිත කිරීමට පියවරක් නොගන්නේ මන්දැයි තවමත් වැටහෙන්නේ නොමැත.
ගෙදර බුදුන් යැයි සලකන අම්මා නම් වූ උත්තරීතර මව් පදවියට උරුමකම් කියන ගැහැණිය, තම දරු පවුල පෝෂණය කරන්නට කෙතරම් වෙහෙසනවා ඇති ද ? එම ජීවන අරගලයන් සටන් කර ජය ගැනීමට විදෙස් ගතවන ගැහැණිය දහසකුත් හීන පොදි බැඳ ගෙන ගිය ද අවසන සිය ආත්මය කෙළ පිඬක් සේ අහකට මුදා හළ විකුණා දමමින් විදේශික නරුමයන්ගේ කාමාශා සංසිඳවීමට සිදුවන අතර නැවත තම මව් රටට පැමිණීමටවත් ඉඩ පහසුකම් ලද වාතාවරණයක් ඇයට හිමි නොවන්නේය.
අප දැන හෝ නොදැන මෙවන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වන ශ්‍රී ලාංකික කාන්තාවන් කොපමණ සිටී ද ? එබැවින් ඉදිරියේ දී තවත් එවන් සිදුවීම් බිහිවේවි ද ? දරුවන්ට මව්වරුන්, ස්වාමියන්ට බිරින්ඳෑවරුන්, ආදරණීය මව්වරුන්ට තම දියණිවරුන් ද අහිමිව යනවා පමණක් නොව ශ්‍රී ලාංකික සමාජයේ කාන්තාව යන උත්තරීතර චරිතාංගය තවකෙකුගේ නරුම ආශාවන් සංසිඳවා ගැනීමට අලෙවිවන සිල්ලර භාණ්ඩයක් බවට පත්වනවා නිසැකය. ඔවුන්ගේ ඉරණම මෙලෙස අවාසනාවන්ත ඛේදජනක ලෙස අකාලයේ පරව යන්නට ඉඩ හරින්නේ මන්දැයි තව තවත් සොයා බැලීමට කටයුතු කළ යුතුම ය.
එස්.ඒ.තිලක්ෂි උත්පලා සමරතුංග
විශේෂවේදී දෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයනාංශය
සමාජ විද්‍යා පීඨය