අම්මා නැති අපට
- කවි
- Affichages : 6156

පාන්දරින් දොර ඇරියේ
තාත්තාට ගෙදර එන්න
අම්මා දුරු රට වැඩියේ
මෙතර මාළිගා තනන්න
මල්ලී තනියට හිටියට
යාන්තමින් රෑ වෙනකොට
රෑ සමනල ගීත ඇහෙයි
දෙවැට දිගේ අපූරුවට
එතෙර කාසි හිනැහෙනකොට
අපේ ගෙදර ලාම්පුවට
තාත්තා ඇයි පියමැන්නේ
කණවැන්දුම් ගුහාවකට
අහස් යන්තරේ යනකොට
අහස උඩින් ගොරවාගෙන
පොඩි මල්ලී කෑගහනවා
බහින්න කියලා අම්මට
නැවුම් කළෙන් දිය නෑවේ
අම්මා ළග නැති දවසක
කනේරු මල් පූදිනවා
සින්න වෙන්න යන් වැට ළග
ජෙ.ආර්. ඉමේෂා සමරසිංහ
තෙවන වසර
ජනසන්නිවේදන අධ්යයන අංශය
සමාජ විද්යාපීඨය

11 octobre 2022
ආදරණීය සරසවිය
7 septembre 2022
කැලණි හඳ
11 octobre 2022
දිවිය
20 juin 2022
මගෙන් මටම
15 novembre 2022
තූරු
7 décembre 2022
හෙළ අකුර
17 janvier 2022
පිරිමැදුම්


