ආදරණීය සිත්තම
- කවි
- Affichages : 5824

ජීවිතය ලේ විලකි
දසක ගණනක මියුරු සිත්තමකි
කොහින් කොහෙට යා යුතු ද නොයත් අරුමයකි
එකින් එක ගෙතුණු කළ නොමළ මළගෙයකි
මට මා ද ඔහුට ඔහුව ද නොළද දින වරුවකි
ජීවයේ එක් කොනක් වෙනස් කළ වරුවකි
සිනහවයි හැඩීමයි ඉතිරි කළ දිනයකි
කාලයෙන් එක් බිදක් මකා දැමි සුසුමකි
හද රැදි සුසුම් කියා ගිය වදනකි
දොරින් දොර වා කවුලු හැර දැමු මොහොතකි
කැරකෙමින් ඇඹරෙමින් දෙසවනේ රැදුනකි
දෙදෙනකු එකතු කළ අහිමි කළ දයාඹර හමුවකි .
ටී. පී.ඩබ්ලිව්.එච්.උදයංගනි
දෙවන වසර
8 mai 2025
නුහුරු පෙමක වස් කවි
25 octobre 2022
මගේ දිනපොත
21 février 2022
මං
8 mai 2025
ප්රේමයේ මුළාව
9 janvier 2023
කැලණි කන්ද
21 février 2022
වැලන්ටයින් එන්න කලින්


