මගේ දිනපොත
- කවි
- Affichages : 5773

දිවා රෑ ගෙවුනත්
කැලැන්ඩරේ දින වෙනස් වුවත්
එකම එක දිනයක්
තවම ලියනවා මං
ලතෙන් සිත මා සමග
පොර බදියි නව මතක
අගුළු ලාගෙන මසිත
ලියමි තවමත් බිදුනු මතකය
දින පොතේ පිටු අතර
ගොළුවෙමින් මොහොතකට
එකම එක පිටුවක සුවද
විදිමි නුබ නැතත් තනිවම
කදුළු කැට එකතු කර
අමුණනා මතකයේ මාලය
හුස්ම පොද යන්න පෙර
තබන්නම් නැවතුමේ සලකුණ
සන්දීපනි ගුණරත්න
මානව ශාස්ත්ර පීඨය
පළමු වසර
10 août 2022
හුස්ම!
10 octobre 2023
සඳ අයිති අහසට ආදරෙන්..
8 mars 2022
ඇය …
1 février 2023
තනිකම
13 septembre 2022
ජීවිතය
10 août 2022
සබ්බං පහාය ගමනීයං!
9 janvier 2023
කලු කුමාරයා


