තනිකම
- කවි
- Affichages : 6072

සොදින හිරු නැති මං පෙතේ
නිසල රැයකදි තනි මන් පෙනේ
තනිව ඉකිබිද තනිව හඩනා
කදුළු මුතුකැට ගනදුරේ
අහස් කුස යට මැදියමේ ලියලන
නොයෙක් පැනයන්ට විසදුම් නොදේ
මසිත අදුරෙහි තෙරපි තෙරපි
එබිකම් කළත් මා මිතුරෙක් ලෙසින්
නෙත් වසා සොයනෙමි රුවක්
නෙක, අදුරු සේයා පටලයෙන්
සියක් පැනයන් විසදුවත් මා
පෙර දිනය ගැන නැත ක්ෂමා
මාවතේ එක් කොනක ලියලන
පැනයකට පිළියම් සොයනමුත්
පැනය මා හා තනිවෙලා.....
ප්රදීපා සන්දීපනි
ප්රථම වසර
මානව ශාස්ත්ර පීඨය
28 décembre 2022
හිමිසඳුනි මං උතුනි වූවා ...
8 mai 2025
ප්රේමයේ මුළාව
18 juillet 2022
Horror Awakening
28 décembre 2022
බලාපොරොත්තුව
7 septembre 2022
ඇය!
13 novembre 2022
ඔවදන
13 septembre 2022
ජීවිතය


