වැද්දාගේ පාපොච්චාරණය...
- කවි
- Affichages : 5811

නේක මංමාවත් දිගේ විත්,
රිදුම් දෙන‘මුත් දෙපා හකුලා
කුමරියගේ ඇහිදියරය රිද්මෙන්,
බොහෝ දෑ මං හැදිනගත්තා.....
දිසාපාමොක් නොදත් පාඩම්,
ප්රේමයේ හරි රහට තිබුණා..
වනේ ගහකොළ දැකපු නැති කවි,
අනේ! ඒ ඇස්දෙකේ තිබුණා...

ගෑණු කවදද වටේ නොගියේ,
දකින උන් මොනවදෝ කීවා
පුරුදු ගේ නැති පාළු ලැහැබක,
ඒකි බඩුවක්! කියලා කිව්වා....
ගෑණු රැවටෙන්නේ ම වචනෙට,
සුමට හිත් තව උන්ට මවලා,
මහබඹා උබ කරපු වරදට,
දඩුවමක් දෙන්නමයි ඕනා.......
එච්.ආර්.රුවනි නිරෝෂණී
පළමු වසර
සමාජයීය විද්යා පීඨය
28 décembre 2022
බලාපොරොත්තුව
16 août 2022
ලියමනක්!
16 août 2022
පැන්සල
13 septembre 2022
රෝස මල
15 mai 2023
කුවේණියේ
18 avril 2023
පා සළඹ...
10 août 2022
වලාකුළු කතා කරයි


