Image
දෙනයන මත යළි පිබිදෙන       සිතුවිලි 
බක්මී මල් ඇයි කෙරුවෙ        තෙරපිලි
පිනවන නෙතු මත බඹරෙකු   ඇවිටිලි
රඟහළ දුකටම පමණක්          සිරවුණි
 
පඬු පැහැ සායම් දියකර         වැරහැළි
තණ්හා රති රග කෙරුවෙම    ගැරහිලි
භවයක පව් කඳ මොහොතක උකටලි
නැවතුම මේ ඉම කෙදිනද     නොහැගුනි
 
මළුවට එන යන නෙක රූ        සැණකෙලි
බිමකට රතු සුදු මල් වල          කෙහෙරැළි 
හිසමුඩු කර ඇති බක්මී          හසරැළි 
සිත්වල සැනසුම දුර බව         සිහිවුනි
 
 
ඒ. එම්.ඩී නිම්නදි ජයවර්ධන 
මානව ශාස්ත්‍ර පීඨය 
පළමු වසර
03 آب/أغسطس 2023
18 نيسان/أبريل 2023
09 كانون2/يناير 2023
03 آب/أغسطس 2022
23 أيلول/سبتمبر 2022
15 أيار 2023