කවකටුව සහ පැන්සල
- කවි
- الزيارات: 4653
උපන් දා සිට,
පිටු පුරා පොත්වල,
නිදහසේ දිව ගිය පැන්සලට,
ඕනෑ වුණෙ ම
යන්නමයි හොඳම ඉස්කෝලෙට...
ගිය මුල්ම දවසේ ඉඳලම,
පැන්සල දමා කවකටුවක,
සිර කර, හොඳින් තද කරා,
හොඳම රවුම අඳින්නට....
දැන් පැන්සලට හරියට වැඩ!
කපා චාපයකින් තවත් චාපයක්,
හදනවා හොඳම කෝණය,
පන්තියේ පළවෙනියා වෙන්නට....
රවුම් හැර කිසිවක් ගැන,
මතක නැහැ දැන් පැන්සලට !
ලද විටක ඉඳ හිට විවේකය,
රිදුම් පිරි මැද මැද,
ඉකි ගසා,
යමක් කීවා මට......
රශිනි සකුන්තලා
දෙවන වසර
ආබාධිතා අධ්‍යයන අංශය
වෛද්‍ය පීඨය


