Image

 

සිනහව මුව පුරා සනහා හමුවෙන හැම විටදී

කඳුළු පරිස්සම් කර සඟවා හිත හැඬු විටදී 

 

දිවියේ නොයෙක් දුක් ගැහැටම විඳ 

සවියේ බලය විය යුතු තැන් ඇත නිබඳ

කවියේ පද වැලක පැටලී සෙනෙහ බඳ

දිරියේ අරුත වෙයි ගැහැණිය යදම් බිඳ

 

 

හීන වලට පාර කියන මග අහුරා යන ගමනේ 

පේන ඈත තරමටවත් යාගන්නට බැරි වූවානේ 

⁣ගේන හිතේ හයිය මගේ කඳුළු කතා ලීවානේ 

පාන සිනා තරමට මම හැඬුවේ ඉකි බිඳලානේ 

 

 

වැලපීලා හැඬුවත් මා සිත පසු දිනයේ පිරි සිනහවකින් 

තෙරපීලා දුක් ගිනි වැල් ගත දැවටී ඇති සේ පමාවකින් 

වැනසීලා කී විටකදි  දුර්වල  හිත ගිනිගොඩකින් 

සැනසීලා ඉන්නට විය සැඟවූ දුක් මතකයකින්.......

 

රවීනා අනුපමා

ජනසන්නිවේදන අධ්‍යයන අංශය

සමාජයීය විද්‍යාපීඨය

30 آب/أغسطس 2022
18 نيسان/أبريل 2023
13 أيلول/سبتمبر 2022
18 تموز/يوليو 2022
13 تشرين2/نوفمبر 2022
09 كانون2/يناير 2023