මගේ කතාව
- කවි
- الزيارات: 5973

වසන්තයට මල් පිපුණත්
කිවුවත් නොදත් ගමිතුලානෙකි
අරක මෙකෙ කෙසේ වෙතත්
යුද්දේ සාමේ ඇසු පමණින්
සැවොම දන්න පළාතකි ...
වැවෙන් වෙලෙන් එගොඩ වෙලා
පාසල් ගිය නිමේෂයකි
යහලු යෙහෙලි මිතුරැ කැලැක්
එක් වුණ එක් ඉඩෝරෙකි …
පුංචි එවුන් ලොකු උනාම
යහලුකමට අකුල් හෙලන සමාජෙකි
උස් උස් අතු පොඩි පොඩි අතු
බර මනිනා තුලාවකි ...
ගමේ උන්න ප්‍රභූ පෙළට
හිස නැමු එක් නිමේෂයකි
දුප්පත් යැයි මඩ ගැසුවත්
මගේ පියා අපව රැක්ක
සුර දුතයෙකි ...
අහල පහල ගමි උදවිය
කියු කියමන් පයින් ගැසු සිනහවකි
නොකා නොබි දර දිය ඇදි
මගේ අමිමා දෙවිලිය වැඩි
සුර දෙවිලිවකි...
වසර එකයි තුනක් දිගට
වෙහෙසුන සැඩ කුණාටුවකි
ජීවිතයේ හොදම හරිය
ලැබෙන තුරා බලා උන්න තුන් මසකි ...
නිවුස්වලට ගිය වදනෙන්
හදවත හැඩි වෙලාවකි
ජය අංකය දුරකතනය හා බැදි
එක් නිමේෂයකි ...
ජිවිතයේ කටුක ඉමක්
ජය ගත් අඩ හෝරාවකි
අමිමා තාත්තා එකට හැඩු
සංවේදිම යාමයකි ...
සරසවියේ හැඩහුරැ කම
දෑසේ ඇදුන නිමේෂයකි ...
මැටියෙන් කල පොල් අතු පැළ
තුටට හැඩුව නිමේෂයකි ...
එහෙට මෙහෙට ගෙවි ගියපු
මගේ ජිවිතේ එක් නිමේෂයකි ...
හර්ෂිකා උදයංගනී
07 كانون1/ديسمبر 2022
ළඳුනේ!
26 أيلول/سبتمبر 2022
තව නොදුටු කිරි සිහිනේ
13 أيلول/سبتمبر 2022
රෝස මල
07 أيلول/سبتمبر 2022
කැලණි හඳ
13 تشرين2/نوفمبر 2022
ප්‍රේමය !
13 تشرين2/نوفمبر 2022
හන්තාන වැසි
13 تشرين2/نوفمبر 2022
අරුමැසි ගම් පියස


