Image

පොත් පිටු කන්දක තීත්ත පේළි පිරී

සුදු මුදු අකුරු තනියට එයි කුරුටු නැතී

පෙරළුණු නැති පිටු අතර අමුතුම සුවද රැදී

කන්දක් ගොඩ ගැසී ඇත මේසය කොනක තිබී

 

දුහුවිලි මලක් ව්සිරෙයි පිඹිනා සුළං රැලී

අරගන්නට කියයි හරවා බලනු රිසී

අත දිග නමුත් වැඩ ඇත හිස ළගට එබී

අමුතුම තාලෙකට ගැස්සෙයි හදවතට කිතී

 

යකාට ගියාදෙන් වැඩ මට එපා එහී

හුස්මට පුටුවේ හාන්සි ගෙන පොතක් යලී

ටක් ටක් හඩට වෙන ලොව ගිය ලෙසට වැනී

රස කර බලපු කට කොණකින් හිනා රැදී

 

අවුරුදු ගානකට පෙර ගොස් පාසලක යලී

සිටියා වගේ හැගුමක් එයි හිතට එබී

සුන්දර මතක පොත් අතරෙම තබා යළී

කල් ගිය හිතක පොත ගෙන නැගිටුණා වැනී

 

නවෝදා දෙව්මිණි ප්‍රනාන්දු 

ප්‍රථම වසර 

අලෙවි කළමනාකරණ අංශය

වාණිජ හා කළමනාකරණ අධ්‍යන පීඨය

27 تموز/يوليو 2022
18 نيسان/أبريل 2023
16 آب/أغسطس 2022
11 تشرين1/أكتوير 2022
07 أيلول/سبتمبر 2022
03 آب/أغسطس 2023
06 حزيران/يونيو 2023