Image

නොලැබු හසරැල්

මිමිණු පදවැල්

මැවූ සුවිසල්

මතක කැලැලැල්..

 

අඳුරු අහසක්

තනිවු තරුවක්

සමඟ වරුවක්

කිව් කතාවක්..

 

අසා සිටි තනි

තරුව දැවෙමින්

ගිලුනි අහසේ

ක්ෂය වෙමින්

 

තරුව නුඹ කිම

තනිකළේ සඳ

නුබ ගැබත්

ඇසුවා ඔබෙන්..

 

පී.ඩී.රෙෂිනි අනුරාධා

විශේෂවේදී දෙවන වසර

ජන සන්නිවේදන අධ්‍යනාංශය

සමාජීය විද්‍යා පීඨය

06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
08 آذار/مارس 2022
18 تموز/يوليو 2022