Image
පුන්සඳ පියුම් විල මත ඉඟි කරන           රැය
රන්දම් යදම් බැද සිර කළ හැකිද          ලය
දම්වැල් රිදුම් ලිහ පුද කළ නග්න           කය
පින්සල් තුඩඟ රැදි පැහැයෙන් මවයි        ඇය
 
තුරුලිය මඬුලු බිද හළ රඟ පිරුණු        පය
රන් පැහැ නුමුසු සායම් ගෙන හැඩය      නිය
චංචල රිද්ම ඉඟ සුඟ සළු රතිය           බිය
රළුධර හස්ත පහසින් යළි සුමට           විය
 
සිත්තම් කෙරුන රන් රැස් පුන් හසරු     සිය
ගෙළවට බැස්ම මතු කරවිය අඳුරු       දිය
විහිදෙන අග්නි සේ දෙතොළත රත්ව     ගිය
සිත්තරු හුස්ම ගත් සිතුවම නමින්        ලිය 
 
නිම්නදි ජයවර්ධන 
මානව ශාස්ත්‍ර පීඨය 
පළමු වසර
15 تشرين2/نوفمبر 2022
18 نيسان/أبريل 2023
04 تموز/يوليو 2022
15 تشرين2/نوفمبر 2022
07 أيلول/سبتمبر 2022