Image
සරණයට අත බැඳන් හිමියනි
දොළොස් වසරක් ඔහේ ගෙවුණා
හැමදාම වගේ පුරුදු පරිදි ම
ඊයේ රෑ මං උතුනි වූවා ...
 
කියන්නට කිසිවකුත් ළඟ නෑ
හිටි අයත් බෝ දුරක හින්දා
එළිය වැටුණත් නැතිම ගාණයි
අත තියන් මං කඩේ දිව්වා ...
 
රකුසු ඇස් දෙක ලොකු කරන් ඈ
කොළේ වහලා අතට දුන්නා
පැන්න එළිපත මුල ම හිමි ඔබ
හෙළපු සුසුමක් බරට රැඳුණා ...
 
කිරි ගෙදරකට වැඩියේ නැතුවට
මමත් පතිදම් සොඳින් රැක්කා
ඒ නිසාමද අනේ මන්දා
මාසේ පෝයත් විහිළු කෙරුවා ...
 
කට්ට කරුවල රෑට මල්වර
කඳුළු හොරැහින් ඇහින් වැටුණා
රැලි පළුද්දක් නොමැති යහනත
නුඹට මං සුදු මලක් තිබ්බා ...
 
යළිඳු කුංචන ජයවීර
සිව්වන වසර
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය
කැලණිය විශ්වවිද්‍යාලය
09 كانون2/يناير 2023
09 كانون2/يناير 2023
07 كانون1/ديسمبر 2022
18 نيسان/أبريل 2023
07 أيلول/سبتمبر 2022