නුඹට පුළුවන්ද මගදි හැරෙන්න!
- කවි
- الزيارات: 6044

රාධා,
නුඹේ නළලත තිලක තියලා
පිච්ච මල් මාල ගෙල බඳින්න
දෙනෙත වෙත එන කේශ රැලි ගෙන
සීරුවට කන් උඩින් තියන්න
කෝලම් රටා ඇඳි නිවසෙ බිම හැම තැන
තුරුලු වී බදාගෙන නටන්න
සත්තමයි අපි හීන දැක්කා
ඉතින්,
නුඹට පුළුවන්ද මගදි හැරෙන්න
"චන්දිරන් නැගෙන තුරු අපි තුරුලු වෙලා ඉමු
ලැයිමෙ කෝවිලට ගොස් බාරෙකුත් වෙලා එමු
අප්පලා කැමති වෙයි එතෙක් ඉවසලා ඉමු
හැමදාම අඳුරු නෑ ඉතින් අපි බලා ඉමු"
නුඹ එදා කියු වදන් මගෙ සවන් වැකීගෙන
අදත් දෙනෙතට කඳුලු ඉනුවා
දෙමාපිය කැමැත්තට වෙන ලොවක් සොයාගෙන
ඉගිලිලා නුඹ දුරක ඇදුනා
"ඔයා හරි රාධා හැමදාම අඳුරු නෑ"
මගෙ හිතත් හඬ නගා කීවා
අපෙ මතක එකින් එක සැන්ඩි කරගෙන තනිව
මැණික මම අදත් අක්මාව දියකෙරුවා!
දසුන් පෙරමුණ,
නාට්‍ය හා රංගකලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යන ඒකකය,
ලලිත කලා අධ්‍යන අංශය,
මානව ශාස්ත්‍ර පීඨය.
13 تشرين2/نوفمبر 2022
හන්තාන වැසි
15 تشرين2/نوفمبر 2022
රතු වුණු දෑස්
18 نيسان/أبريل 2023
හිත් පොඩ්ඩ....
18 نيسان/أبريل 2023
පා සළඹ...
01 شباط/فبراير 2023
තනිකම
08 أيار 2025
අප්පච්චි…
06 تشرين1/أكتوير 2022
ගන්දබ්බයෙක් විය මා...


