ඇටසැකිල්ල
- කවි
- Affichages : 7519

සරදමක්ද මේ ජීවිතේ
හුස්මේ පමණට සුරැකෙන්නේ
නවාතැනකි කෙටි ආත්මයේ
කළ කම් පළ දෙන රොබෝවෙකි මේ…
ඇට සැකිල්ලට හමක් පොරවලා
බඹ දෙව් කුමටද මිනිස්සු මවන්නෙ..
කර් මය අනුවයි ආත්මෙ දීලා
අපි හැමදෙනාම ජීවත් කරන්නේ..
ඉතින් මොකට දැයි
පේෂල් අර ෂෙල් දාලා
හැවයක් පාට කරන්නේ…
කට්ටක් ඇතුලේ තියෙනා මොළයෙන්
තත්පරයක්වත් හිතලා බැලුවද…
මැරුණට පස්සේ හැවයත් දාලා
කටු ටික තියලා යන්නට වෙන බව…
කේ.ඉමාලි සහනිකා සේනාරත්න.
පළමු වසර,
මානව ශාස්ත්ර පීඨය.
කැලණි විශ්ව විද්යාලය.
15 novembre 2022
ගැඹුරු හුස්මක්
6 octobre 2022
පරණ වුණු අලුත් පොත්
10 août 2022
වලාකුළු කතා කරයි
16 août 2022
The cocoon
6 octobre 2022
බර අදින සිල්පර
11 octobre 2022
දිවිය
21 février 2022
මං


