කුවේණියේ
- කවි
- Affichages : 5720

නිති විදිමි නුඹේ සුසුමන් දිගැසියයේ
නෙත් කොනින් දුන් එක් බැල්මකින් කුමරියේ
ඇදුණු එ රුව ගෙන ගියා මා ආලයේ
ඔබ නැති තම්මැන්නාව අද පාලුයි කුවේණි යේ
ගෙතූ කපු රෙද්දේ පැහැය අද වෙනස්වී
සිතුණි ආලය කළා සරදමක් මට මුලාවී
කීවත් සෙනෙහෙ බස් ඔබ මගෙ ළගටවී
එනිසයි යක්කුලයම දෙපලු කෙරුවේ ක්රෝධයක්වී
දොස් පැවරුවත් මහ හඩින් ලාට රට
කුමරියක් මා ගෙන ගියා බොහෝ දුරකට
කෙදිනකවත් නැත සීමාවන් ආලයකට
නෑ ඵලක් මට නුඹ නැති ජීවිතයට
ඩබ්. පූර්ණා සෙව්මිණි
පළමු වසර
මානව ශාස්ත්ර පීඨය
සිතුවම - එස්.දුලාංජි හංසිකා සමරතුංග
7 septembre 2022
මගේ සඳ
7 septembre 2022
ඇය!
11 octobre 2022
ආලයේ වැසි
18 juillet 2022
Who am I ?
16 août 2022
The cocoon
20 mars 2023
රන් මුදුව ගැළවෙද්දි...
3 août 2023
වියරු වී ගිය තාරුණ්යය


