අප්පච්චිට
- කවි
- Affichages : 4551

ල් අරණ ගිනි අරන් ඒ ගිනි අහිංසක හදවත් දවද්දී
වෙඩි හඬින් උතුරේ සුළං හඬ සිදුරු වීලා කෑ ගසද්දී
රටක් හඬවා තැනින් තැන මිනිසුන්ගෙ අත පය කැඩී යද්දී
තුවක්කුව ගෙන පෙරට ගිය නුඹ සිහිව කඳුලක් නෙතින් වැටුණී
කුඩා කළ මගෙ ලෝකයේ වීරයා වී ළඟ නොසිටියාට
සිතට බිය ආ විටදි තුරුලේ සනසන්න ළඟ නොසිටියාට
ජීවිතේ කඩඉම් පනින විට දකින්නට ළඟ නොසිටියාට
හදේ ගැඹුරේ නුඹේ රූපය තියෙනවා අද නොසිටියාට
ජීවිතේ සුන්දර ම කාලය මා එක්ක නුඹ නොගෙව්වාට
කටු පඳුරු, වන වඳුල් අස්සේ නුඹේ ශක්තිය දිය කරාට
"සියල්ලට පෙර මගේ රට වටිනවා" කියලා පෙන්නුවාට
ජාති ජාතිත් නුඹේ පා යුග වඳිමි අද ළඟ නැති උනාට
දන්නවද ලියුමක් එද්දි පෙර මගට හනිකට දුවනවා
නුඹේ අකුරින් එවා ඇතිදැයි කවරෙ හොඳ හැටි බලනවා
එසේ නැති බව දුටුව විට හිත තාම හොඳට ම රිඳෙනවා
රණවිරුවෙකුගෙ දුව නිසා මම කඳුළු සඟවා ගන්නවා!
දසුන් පෙරමුණ
1 février 2023
රැයේ සඳ අවදිව - මම හිඳි සුවසේ නිදිව
7 septembre 2022
ප්‍රේමයේ අසුන්දර නුඹට මා ඇසෙනවද?
11 octobre 2022
Chasing for “online” freedom
10 octobre 2023
ප්‍රේමය, මා නුඹට අමතමි !
7 septembre 2022
ඇය!
16 août 2022
බිඳුම් විඳිනෙමි ….
18 juillet 2022
අකල් වැස්සට තෙමුණු මලක්...


