නින්ද සහ සිතුවිලි...
- කවි
- الزيارات: 6236

නොනිදන රැයක රන්තරු කැට පිබිදීලා
දොම්නස සඟව නෙත්වල කැන් අඩුවීලා
ගොම්මන අඳුර පුන්සද විත් සැඟවීලා
මොක්සුව මවන හැඟුමක සිත් සැනසීලා
වැට අග කුන්ද මල්පෙති රැය පිබිදීලා
දසදෙස සුවද වත්සුණු ලෙස තවරාලා
නිසසල බිඳින හැඩුමක වන කැළඹීලා
දෙසවන මැදට උලමෙකු නද පැතිරීලා
හිනැහෙන ළපටි කඩුපුල් මල් ඇඹරීලා
දැකුමට එළිය සුදුසද වෙත ළංවීලා
අඳුරක පැහැය බියකරු බව පිටුපාලා
රැයකට අහස අසිරිය සිත සැනසීලා
සිත්මල් පුබුද හැඟුමන් යළි සිහිවීලා
මන්මත් විලෙස සිතුවිලි එකිනෙක පාලා
සක්මන් කෙරුව මතකින් නෙත නැවතීලා
සුසුමක් රැගෙන නෙතුපිළි යයි පියවීලා
නිම්නදි ජයවර්ධන
පළමු වසර
මානව ශාස්ත්‍ර පීඨය
08 أيار 2025
නුහුරු පෙමක වස් කවි
28 كانون1/ديسمبر 2022
ප්‍රේමය !
25 نيسان/أبريل 2022
සඳට ආදරෙන්...
16 آب/أغسطس 2022
ඔබයි මගේ කුස...
03 آب/أغسطس 2022
අප්පච්චි
25 تشرين1/أكتوير 2022
ගසක මහිම
15 أيار 2023
සිනාමුව තුළ කැන්දා - හදේ හැඬුම් පොදි බැන්දා


