කාලයේ අරුමය
- කවි
- الزيارات: 4028
කලින් නොකියා වයස නොබලා
උපන් හැමටම උරුම වන්නේ
උසස් ධනවත් පහත් ඇවතුම්
නැතුව කාටත් යන්න වෙන්නේ
සරත් සිසිරත් වසන්තය මුත්
කාලයේ වෙනසක් නොවෙන්නේ
අදත් හවසත් හෙටත් අනියත
කොහේ සිට හෝ මරුව එන්නේ
කළත් හොද දේ කය දිරන මුත්
සදාකල් ඒ නම දිරෙන්නේ
කුමට ලොබ වී ධනය රැක්කත්
අතැර තනියම යන්න වෙන්නේ
ලොවේ හැම දේ මෙසේ අනියත
බව ලබා ඇති වී තිබෙන්නේ
සසර ගමනට තිත තබන්නට
සිතට දහමට සිත යොදන්නේ
ප්රදීපා සංදීපනී
කලා පීඨය


