ජීවිතය
- කවි
- الزيارات: 7472

අපූරු ගෙත්තමක්
හැඩ වූ රටාවක්
වාර අනන්තයක්
ඇමුණූ කලාවක්
බැරි තැන ලිහුමක්
පැටලුනු මුලාවක්
යළි පට නූලක්
ගෙන තව ඇරඹුමක්
ගොතයි යොදා විරියක්
ලංව අවසානයක්
නොදැනිම නිමාවක්
නවතී එම ගෙතුමත්
දුටුවන් එහි හැඩයක්
කරයි ගුණ වරුණත්
ලස්සන සිතුවමක්
ලෙසින් එය පෙර දත්
දිස්වෙයි තව මොහොතක්
සිත්තම් තව රැසක්
ගෙත්තම් වන වෙලාවක්
තුළ වියැකුණු සිත්තමක්
පෑගුණි දහස්වරක්
නොදැනිම පයටත්
නිම් නොවූ ගෙත්තමක්
එයත්…
මියැදුණු සිත්තමක්
උදාරා අතුකෝරල
විශේෂවේදී දෙවන වසර
ජනසන්නිවේදන අධ්‍යයන අංශය
සමාජීය විද්‍යා පීඨය
10 آب/أغسطس 2022
In the midst of everything.
25 نيسان/أبريل 2022
සඳට ආදරෙන්...
11 تشرين1/أكتوير 2022
Chasing for “online” freedom
23 أيلول/سبتمبر 2022
සිනා රුව
15 تشرين2/نوفمبر 2022
මට කුමට ?
25 تشرين1/أكتوير 2022
නොලැබු හසරැල්
15 أيار 2023
කුවේණියේ


