Image
පරණ සුවඳක් අරන් ඇවිදින් ආයෙමත් ආදරයෙන්  
නිවන සිසිලයි කවදා කොහෙදිත් මහගෙදර මතකයන්...
 
 
දිරපු උළු වහු අතර පතරින් බේරී එන වැහි ⁣බිංදුවක් 
නිදපු හැටි මතකේම තවමත් තියේ නැහැ එහි කිසිම රහසක් 
කියපු රහ කවි කතන්දර අම්මගේ තුරුලේ නොනිද මහ රැයක් 
දැකපු ඒ මහගෙයි අතීතයේ පහන නිවිලා මතකයක්......
 
සෑමදා නොවරදා සිංහල අවුරුද්ද සැමරුව තාත්තා 
නොවරදා මහ ගේ ම පාටින් පාට කෙරුවේ තාත්තා 
මෙදා දැලි බැඳි කුස්සි බිත්තියේ හයිය  කළුවර ගහට ගත්තා 
එදා වාගේ නොවෙයි මහගෙයි හුඟක් දේ නැතිවෙන්න ගත්තා 
 
එස්.එන් රවීනා අනුපමා 
පළමු වසර 
සමාජයීය විද්‍යාපීඨ
06 تشرين1/أكتوير 2022
03 آب/أغسطس 2023
11 تشرين1/أكتوير 2022
11 تشرين1/أكتوير 2022
06 حزيران/يونيو 2023
07 أيلول/سبتمبر 2022