පැන්සල
- කවි
 - الزيارات: 3261
 
ඉගෙනුම කියනා අකුරු හතර
අපි පටන් ගන්නේම ගෙදරින්මයි
මව්පිය සෙව නේ හැදෙන අපි හැම
ඉගෙනුම ලබන්නේ ගෙදරින්ම
සමාජයට බැස්සේ මුලින්ම අපි
පෙර පාසල් ගොස් පාසලෙනුයි
පාසල කියන්නේ අධ්‍යාපනයෙහි
පියාට සමාන මං කඩයි
පාසල් ගිය විට ළමයින්ට ගුරුවරු
මුලින්ම දෙන්නේ පැන්සලයි
ඉගෙනුම පළමුව පැන්සල දෙන්නේ
පෑනේ කුරුටු ව සනාථ නයි
ඉගෙනුම ලබන්න පැන්සල දුන්නේ
වැරදි කරන බව දන්න නිසයි
වැරදි මකන්නට මකනය දුන්නේ
වැරැද්ද නිවැරදි කර ගන්නයි
ඒත් ටිකෙන් ටික පෑනක් ගන්නේ
සැමදා එක තැන නො සිටින්නයි
පෑනක් දීලා අලුත් කරන්නේ
තවත් අදියරක මුල පිරූමයි
ඒ මුල පිරූ මේ ආරම්භය නම්
හිතන්නවත් බෑ භයානකයි
පැන්සල් සිත්තම බොඳ කළ හැකි වුව
පෑනේ කුරුටු ව සනාථ නයි
ඒ බව දැනගෙන ජීවත් වුව මැන
පරිණත බව එතැනින් පෙනඑයි
කේ.ඉමාලි සහනිකා සේනාරත්න
පළමු වසර
කැලණිය විශ්වවිද්‍යාලය

							
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                
                