නිහඬ නැගණිය
- කවි
- الزيارات: 4948

අතීතයේ මටත් සිටියා
සොඳුරු නැගණියක්.....
එකම මවුකුස නො ඉපදුනත්
අප දෙදෙනා
එකම මවකගේ දරුවන් ලෙසින් එදා
එක් වී ගෙවුවා කාලය
සහෝදරත්වයෙන්.....
මට ඔබ සොයුරියක් විය
මා ද ඔබට සොයුරියක් විය
ටික කලයි රැදුනේ ඒ සහෝදරත්වය
අප නොසිතු නොපැතු ලෙසින්
සහෝදරත්වයේ උත්තරීත්වය බිඳි ගියා
පසුගිය සමයේ අප කොතරම්
සතුටින් සොම්නසින් ගෙවුවත් කාලය
අද නෑ ඒ අව්‍යාජ සතුට
අයහපතක් නෑ කලේ ඔබට
යහපතක් මිස කිසිදා.....
ගෙවුනු කාලයේ සෑම විට
අක්කේ කියා මා අමතමින්
සතුටට මෙන් දුකටද නිබදව මා ළඟ සිටි
ඇය අද නිහඬය.....
නෑ කිසිදා මා හට ඔබ අමතක වන්නේ
ඔබේ මතකයන් සැමදා ඇත
මා සිත තුළ සොයුරිය.....
ඔබයි මගේ සොයුරිය සැමදා
ඔබ මා අමතක කළත් නැගණියේ.....
එච්.පී.එම්.එච්.උමේෂිකා ගයාශානි
පළමු වසර
ලලිත කලා අධ්‍යයන අංශය
මානව ශාස්ත්‍ර පීඨය
01 شباط/فبراير 2023
සතියකින් ආපස්සට
18 تموز/يوليو 2022
Who am I ?
07 كانون1/ديسمبر 2022
හෙළ අකුර
03 آب/أغسطس 2023
වියරු වී ගිය තාරුණ්‍යය
17 كانون2/يناير 2022
නොපායන දේදුන්න
04 نيسان/أبريل 2022
ආදරය එහෙමයි…
25 تشرين1/أكتوير 2022
මගේ දිනපොත


