Image

දිවා රෑ ගෙවුනත්

කැලැන්ඩරේ දින වෙනස් වුවත්

එකම එක දිනයක්

තවම ලියනවා මං

               ලතෙන් සිත මා සමග

               පොර බදියි නව මතක

               අගුළු ලාගෙන මසිත

               ලියමි තවමත් බිදුනු මතකය

දින පොතේ පිටු අතර

ගොළුවෙමින් මොහොතකට

එකම එක පිටුවක සුවද

විදිමි නුබ නැතත් තනිවම

                    කදුළු කැට එකතු කර

                 අමුණනා මතකයේ මාලය

                 හුස්ම පොද යන්න පෙර

තබන්නම් නැවතුමේ සලකුණ

 

   සන්දීපනි ගුණරත්න

   මානව ශාස්ත්‍ර  පීඨය 

   ‍පළමු වසර

25 تشرين1/أكتوير 2022
28 كانون1/ديسمبر 2022
13 تشرين2/نوفمبر 2022
13 أيلول/سبتمبر 2022
11 تشرين1/أكتوير 2022