ළඳුනේ!
- කවි
- الزيارات: 5459

ඉතින් අපි වෙන්වෙමු කියා මූසල යාමෙක
වචන තුනකින් මතක වස්ත්‍රය පිදූවත් අපෙ ප්‍රේමෙට
නුඹට කළ ආදරය තුන්යම දවයි මගෙ හදවත යට
කොහොම ඉන්නද ආදරේ කළ සිතක් ළඟ විලසින් පිට
දෑත් පටලන් නුඹ සමඟ ගිය වීදි වල අද යන විට
අපෙ මතක ඔච්චම් කරනවා රිදී දැවෙනා පපුවට
නුඹ සමඟ කී කතා අද උඩු සුළඟෙ විත් මගෙ සවනට
කොඳුර කොඳුරා නෙත් තෙමනවා දුකෙන් හදවත ගල් කොට
ඉසුරුමුණි පෙම් යුවල මෙන් නොව හදවතිනි අප එක් උනේ
නුඹ නොමැති එක තප්පරෙත් කල්පයක් තරමට වැටහුනේ
ටිකෙන් ටික මා හට දුන්නු ඒ වටිනකම ඇයි නැති උනේ
නුඹේ පණ යැයි කියා කිවු මම වහකදුරු වී නැවතුනේ
සොඳුර නුඹ සැමට ම වඩා මට පෙම් කෙරුව ඒ කාලෙට
තවත් මගෙ හිත දුවනවා අප අපේ වී උන් යාමෙට
වෙන අතක පැටලිලා ඔහුටත් කියද්දි 'මගෙ ලෝකය'
මොහොතකටවත් සිහි නොවේවිද නුඹට අප කළ ප්‍රේමය
නටඹුන්ව ගිය තැන් වලයි හරි ලස්සන ම මතකයන් තිබුණේ
මල් පිපී පරවෙච්ච පසුවයි ගහට මල් නැති අඩුව පෙනුණේ
නියඟයෙන් ඉරි තැලුණු බිමටයි දිය බිඳක ඇති අගය දැනුණේ
නුඹව මට අහිමිව ගියාමයි නුඹේ ආදරෙ තරම දැනුණේ
සිනහවක් නොහඳුනපු මුහුණට සිනහවක් ගෙන ආපු ළඳුනේ
නුඹට දුන් පෙම කිසිම දවසක වෙන කෙනෙකු හට නොදෙමි රහසේ
ඒ නිසා රිදුමන් දරාගෙන ඔහේ ඉමි පෙර මතක අස්සේ
මතක් උනොතින් කතා කරපං උඹ තමා මගෙ පපුවෙ රස්නේ!
දසුන් පෙරමුණ
නාට්‍ය හා රංග කලා සහ ප්‍රතිබිම්බ කලා අධ්‍යයන ඒකකය
ලලිත කලා අධ්‍යන අංශය
මානව ශාස්ත්‍ර පීඨය
27 تموز/يوليو 2022
අරගලයේ කනිසම
13 تشرين2/نوفمبر 2022
සරසවි ප්‍රේමය
27 تموز/يوليو 2022
අත්හරිනු ද?
28 كانون1/ديسمبر 2022
ආදරණීය සිත්තම
07 أيلول/سبتمبر 2022
ප්‍රේමයේ අසුන්දර නුඹට මා ඇසෙනවද?
15 تشرين2/نوفمبر 2022
රතු වුණු දෑස්
06 تشرين1/أكتوير 2022
අම්මා නැති අපට


