අමුතු දරුවන් හදන ඩවුන් සින්ඩ්‍රොම්
- සුව අරණ
- الزيارات: 1508
සමාජය තුළ බහුල වශයෙන් දැකගත හැකි තත්ත්වයක් ලෙස ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වය හඳුන්වා දිය හැකිය. මෙය එක්තරා මන්දමානසික තත්ත්වයකි. මෙම තත්ත්වය රුධිරගත අසාමාන්‍යතාවයක් නිසාවෙන් ඇතිවන්නා වූ තත්ත්වයකි. එනම්, රුධිර සෛලයක අඩංගු යුගල වශයෙන් දැකිය හැකි වර්ණදේහ විසිතුනෙන් විසිඑක්වන වර්ණ දේහය යුගලයක් වශයෙන් නොව ත්‍රිත්වාකාර බෙදීමක් ලෙස පිහිටීම මෙම තත්ත්වයට බලපානු ලබයි. මෙය උපතින්ම ගෙන එන කණගාටුදායක තත්ත්වයකි. මෙය සොයා ගනු ලබන්නේ වර්ෂ 1862 දී වෛද්‍ය ජෝන් ලැන්ග්ඩන් ඩවුන් විසිනි. එතුමාට ගරු කිරීමක් වශයෙන් මෙම තත්ත්වය ඩවුන් සින්ඩ්‍රොම් ලෙස හඳුන්වනු ලබයි. මෙම තත්ත්වය කෙනෙකුගේ සම්පූර්ණ චර්යාවට බාධා ඇති කරයි. මෙම දරුවන් එක සමාන මුහුණුවරකින් යුක්ත වන අතර මොවුන් “ෆ්ලොපි බේබි” යන නමින්ද හඳුන්වනු ලබයි.
මොවුන්ගේ ශාරීරික ලක්ෂණ වශයෙන් යම් යම් විශේෂතා දක්නට ලැබෙයි. සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිව විශාල වීම සහ එම නිසා දිව මුවින් පිටතට දමාගෙන සිටීම, ඉදිමුණු ස්වභාවයේ ඇස් පිහිටීම, සෘජු වූ හිස කෙස් පිහිටීම, කෙටි ඇඟිලි පිහිටීම, කුඩා කාලයේ සිටම අත්ල රළු ස්වභාවයකින් යුක්තවීම, අපැහැදිලි හස්ත රේඛා දක්නට ලැබීම ආදී ලක්ෂණ මෙම දරුවන් තුළින් දැකිය හැකි වෙයි.
මානසික වශයෙන් නොයෙකුත් ඌනතා පෙන්නුම් කරන මෙවැනි තත්ත්වයේ දරුවන්ගේ භාෂා උත්පාදනය සංජනන හැකියාව සහ අවබෝධය සම්බන්ධයෙන් විවිධාකාරයේ ගැටලු දක්නට ලැබෙයි. මෙම දරුවන් තුළ ප්‍රපංචමය වශයෙන් විවිධාකාර ගැටලු දක්නට ලැබෙන අතර ඇල්සයිමර් රෝගය, හෘද දෝෂ, ලියුකේමියාව, අධි රුධිර පීඩනය සහ ආමාශ ආන්ත්‍රික ගැටලු ඇතිවිය හැකිය. ප්‍රපංචමය ගැටලු, ශ්‍රවණ ගැටලු මෙන්ම උච්චාරණ ඉන්ද්‍රිය පද්ධතියෙහි ඇති අසාමාන්‍යතා හේතුවෙන් ඔවුන්ගේ භාෂණ දුබලතා බොහෝ සෙයින් දක්නට ලැබෙයි. එමෙන්ම සමාජමය මෙන්ම චර්යාමය දුර්වලතා ද දක්නට ලැබෙයි. භාෂාව කථා කිරීමට දුර්වල වුවද ඊට වඩා භාෂාව තේරුම් ගැනීමට ඇති හැකියාව මොවුන්ගේ ඉහළය. වැඩිහිටි වියට පත්වන විට විවිධ මානසික ආබාධයන්ට මෙම දරුවන් ලක්විය හැකිය. එමෙන්ම මෙම දරුවන්ට සංජානනීය හෘද රෝග, මී මැසි මොරය තත්ත්වයන් ද දුර්වල ප්‍රතිශක්තිකරණය හේතුවෙන් විවිධ ආසාදන ඇති වීමේ අවදානම ද ඉහළ නංවයි.
ඩවුන් සින්ඩ්‍රොම් සහිත දරුවන් බිහි වීමට විවිධ හේතු බලපාන මූලිකම සාධකය වන්නේ මාතෘ වයසයි. බොහෝ විට වයස අවුරුදු 35 ට වැඩි කාන්තාවක් දරුවකු බිහිකිරීමේ දී මෙවැනි තත්ත්වයේ දරුවකු උපත ලැබීමේ සම්භාවිතාවය වැඩිය. එමෙන්ම පියාගේ වයස ද මෙයට තරමක් දුරට බලපාන බව පර්යේෂණ මගින් පෙන්වා දෙයි. එමෙන්ම ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වය සමග පවුල් ඉතිහාසයක් පැවතීමත්, ජානමය පසුබිමෙහි බලපෑමත් මෙම තත්ත්වය ඇතිවීමට හේතු වෙයි.
මෙවැනි දරුවන් මූලික අවධියේම හදුනා ගැනීම ඉතා වැදගත් වෙයි. ඒ තුළින් මොවුන්ගේ ශාරීරික, මානසික හා සමාජයීය වර්ධනය තහවුරු කිරීමට හැකිය. එමෙන්ම මොවුන්ගේ පූර්ව ළමාවිය අවස්ථාවේ සිටම මොවුන්ගේ ශාරීරික හා මානසික වර්ධන ක්‍රියාකාරකම් කිරීමට සැලසීම තුළින් මෙන්ම නිරතුරුවම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම තුළින් ඔවුන්ගේ මානසික මෙන්ම ශාරීරික වර්ධනය ඔප් නැංවීමට හැකිය. මේ තුළින් ඔවුන් සමාජයෙන් ඈත් වීම වළකා සමාජය තුළ ජීවත් වීමට අවශ්‍ය අවකාශය සැලසීමට හැකියාව ලැබෙයි.
ඩබ්.ටී.ජේ.ටී.වික්‍රමසිංහ,
විශේෂවේදී තෙවන වසර,
වාග්විද්‍යාව අධ්‍යයනාංශය,
මානව ශාස්ත්‍ර පීඨය