- ගවේෂණ
- الزيارات: 976
චීනයේ සදකෙත් උත්සවය
චීන ජාතිකයින් යනු සංස්කෘතිය සමහ ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන ජන කොටසකි. ඔවුන් විසින් උත්සවාකර්ෂයෙන් සමරන සාම්ප්‍රදායික උත්සව අතර මධ්‍ය සරත් උත්සවය ප්‍රධාන තැනක් ගනී. මෙම උත්සවය චීන බසින් 中秋节 (Zhōngqiū jié )ලෙසත්, ඉංග්‍රීසි බසින් Mid Autumn Festival ලෙසත්, සිංහල බසින් සද උත්සවය හෙවත් සදකෙත් උත්සවය ලෙසත් හැදින්වේ. චීන ජාතිකයින්ගේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව ඔවුන් මෙය සමරන්නේ අටවැනි මාසයේ, පහලොස් වන දිනයේ දීය. චීනයට සරත් කාලය උදාවීම ඔවුන්ගේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව 7 – 8 – 9 යන මාස කිහිපයේ දී ය. මෙම කාල සීමාවේ මැද මාසය අටවෙනි මාසයයි. පහළොස් වන දිනය යනු මාසයේ මැද දිනයයි. ඒ අනුව සරත් කාලයේ මැද මාසයේ මැද දිනයේ දී ය. මෙම කාරණාව හේතු කොට ගනිමින් මෙම උත්සවය මධ්‍ය සරත් උත්සවය ලෙස හදුන්වනු ලබයි. කෙසේ වෙතත් 2022 වසරේ , එනම් මෙම වසරේ දී සමරන්නේ සැප්තැම්බර් දහවන දිනයේ දීය.
මධ්‍ය සරත් උත්සවයටම විශේෂිත වූ සිරිත් විරිත් කිහිපයක් ම මේ හා බැදී පවතී.