- ගවේෂණ
- الزيارات: 16197
භාෂා ද්විරූපතාව හමුවේ සිංහල ලේඛනයේ ගමන් මඟ කොයිබට ද...?
මිනිසා සිය බුද්ධිය මෙහෙයවා නිර්මාණය කළ බොහෝ දෑ අතර විශිෂ්ට වූත්, ප්‍රබල වූත් නිර්මාණය ලෙස භාෂාව හැඳින්වීමට පුළුවන. මෙකී භාෂාව ප්‍රවාහයක් මෙන් නිතර වෙනස් වන සුළු ය. එය ලොව ඕනෑම භාෂාවකට පොදු ධර්මතාවකි. පරම්පරාවෙන් පරම්පරාවට සමාජමය වශයෙන් සම්ප්‍රේෂණය වීමේ දී භාෂාව ද විවිධ වෙනස්කම්වලට භාජනය වේ. සාමාන්‍යයෙන් ලෝකයේ ඕනෑම භාෂාවක් ව්‍යක්තිගත වනුයේ භාෂණය හා ලේඛනය යන මාධ්‍යන් තුළිනි.