ගවේෂණ

Previous Next

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

යුද්ධය යනු සියළු ලෝක වාසීන් අසන්නට අකමැති වචනයකි. ඉතිහාසය විමසු කළ ලොව සෑම රටකම පාහේ යුද්ධය හා සම්බන්ධ අත්දැකීම් ඇත. අතීතයේ මෙන්ම වර්තමානයේ ද ලෝක සිතීමේ බොහෝ තැන් ලෙයින්, වෙඩි උණ්ඩයෙන් ලියවුනේ යුද්ධය හේතු කොටගෙනය. අප කාගේත් පැතුම සතුට, සාමය, සමගිය පිරි ලොවක් වුව ද ලෝක බලවතුන්ගේ ඇතැම් තීරණ එයට හරස් වනුයේ ඔවුනගේ න්‍යායපත්‍රයන්ට සෙසු රටවල් භාජනය කරමිනි.

Previous Next

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

 මලාලා යුසුෆ්සායි 

මලාලා උපත ලැබුවේ 1997 ජුලි 12 වැනි දින පාකිස්ථානයේ පහළ මධ්‍යම පාන්තික පවුලක ය. ඇයගේ පවුල යූසූෆ්සායි  ගෝත්‍රයට අයත්, පෂ්තුන් වාර්ගිකයේ සුන්නි මුස්ලිම් වේ. පාකිස්තානයේ ඇතැම් ප්‍රදේශ වල තලේබාන්වරුන් විසින් සිය ආධිපත්‍යය පතුරුවා තිබු අතර ඔවුන් එහිදී ගැහැනු ළමයින්ට පාසල් යාම තහනම් කර තිබිණි. ඇය විසින් කුඩා කල සිටම ජීවිතය, සමාජ ප්‍රශ්න පිළිබද සිය අදහස් නිර්ණාමිකව බ්ලොග් අඩවි ඔස්සේ පළ කරන්නට විය. විශේෂයෙන් ම එහිදි ඇය විසින් එවක සමාජයේ ගැහැනු ළමයින්ට හිමි වු ස්ථානය,මෙන්ම ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය පිළිබඳ සමාජ කතිකාවතක්  ගොඩනැඟුවාය. මෙලෙස මලාලා තනිව සමාජ මතය වෙනස් කිරීමට උත්සහ ගැනීමත් සමග කුඩා දැරියක වුවත් ඇයට මුහුණ දීමට සිදු වු අන්තරායන් සුළු පටු නොවීය. ඇයට  දිගින් දිගටම මරණ තර්ජන පවා එල්ල වන්නට විය. ඒ අනුව 2012 වසරේ දී තලේබාන් නායකයන් විසින් ඇයව මරා දැමීමට ඒකමතිකව  තීරණය කෙරිණී.. 

Previous Next

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

ලෝකය වේගයෙන් ඉදිරියට ඇදෙනුයේ කාලයෙහි වටිනාකම ක්ෂණයක් ක්ෂණයක් පාසා අපට ඒත්තු ගන්වමිනි. නො දියුණු ශිෂ්ටාචාරවල සිටි මානවයා වර්තමානය වන විට ඉතාමත් දියුණු ශිෂ්ඨාචාර වෙත පිය මැන අවසන්. හෙට වන විට මිනිසා සිතීමටවත් නොහැකි අන්දමේ දේ කිරීමෙහිලා කිසිදු ආකාරයකින් අසමත් නොවනු ඇත. අතීතයේ තමන් අවට පරිසරය පිළිබඳව මිනිසාට තිබුණේ විසල් කුතුහලයකි. ඇතැම් විටෙක එම කුතුහලයේ ප්‍රතිඵල වශයෙන් අද අප අත්දකින දියුණුව අපට ලැබෙන්නට ඇත. ගහකොළ, සතා සිවුපාවා, අව්ව, වැස්ස, සුළඟ වැනි අජීවී වස්තූන් කෙරෙහි කුතුහලය ඔබ්බවා ගත් නොදියුණු මානවයාගේ කුතුහලය ලෝකයේ දියුණුවත් සමඟ ඉර, හද, ග්‍රහ  තාරකා කෙරෙහි යොමු වූවා විය හැකි ය. අද වන විට සඳ තරණය යනු තවත් එක් චාරිකාවක් වන තරමට ම මිනිසා දුරස්ථ වස්තූන් කෙරෙහි සිය අවධානය යොමු කර ඇත. එයින් නොනැවතුණු මානවයා සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අනෙකුත් ග්‍රහ වස්තුන් සිය ගමනාන්තය කරගන්නට දෙවරක් නොසිතුවේ ය. භෞතිකව ළඟාවිය නොහැකි ස්ථාන වෙත ඇති රොබෝ තාක්ෂණය වැනි දේ උපයෝගී කරගනිමින් තමන් ඉදිරියෙහි වූ අභියෝග ජය ගැනීමට පසුබට නොවුනේ ලෝකයාගේ අවධානය ද එදෙසට යොමු කර ගනිමිනි. බොහෝ අවස්ථාවල මෙහිලා ඇමෙරිකානු නාසා ආයතනය පෙරමුණ ගත් අතර ඔවුන් අනුගමනය කරමින්  රුසියාව, ජපානය, චීනය වැනි අනිකුත් ඉදිරි පෙළ රටවල් ද දුරස්ථ ග්‍රහවස්තූන් තරණයෙහිලා සිය තාක්ෂණික දැනුම මෙහෙයවන්නට විය. විටෙක වෙනත් ලෝකවල දියුණු ජීවීන් සිටිති' යි සැක කරමින් බොහෝ විද්‍යාඥයින් ඔවුනද පණිවිඩ පවා යැවීමට පෙළඹුණි. නාසා ආයතනය විසින් විශ්වයේ තොරතුරු රැස් කිරීමට යවන ලද චන්ද්‍රිකාවන්, රොබෝවන් හට ඒ වෙත ළඟා වීමට තවත් වසර ගණනාවක් ගත වන බව පැවසේ. ඒ තරමට ම මිනිසා තරමට ම මිනිසා විශ්වය ගවේෂණයෙහි ලා සිය ධනය, කාලය, ශ්‍රමය නො අඩුව කැප කර ඇත. මේ අතරවාරයේ දිනෙන් දින වැඩිවන ලෝක ජනගහනයට පවා විසඳුම් සෙවීමට මිනිසාට සිදු වීමත් සමග පර්යේෂකයින් මිනිසාට ජීවත්වීමට සුදුසු ග්‍රහලෝක සෙවීමටත් ඒ පිළිබඳව අධ්‍යනයටත් නැඹුරු විය. ඒවයේ ප්‍රතිඵල වශයෙන් තවත් නොබෝ දිනක දී විශ්වයේ අනෙකුත් ග්‍රහ ලෝකයන් තුළ මිනිස් ජනාවාස ආරම්භ කිරීමට මිනිසාට හැකියාව ලැබෙනු ඇත. දැන් දැන් ඉලෝන් මස්ක් වැනි ධනවත් පුද්ගලයින් පවා ප්‍රිය කරන විෂයයක් බවට අභ්ක් බවට අභ්‍යවකාශ ගවේෂණය පත්ව ඇත.

Previous Next

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

මිහිතලය මත ජීවය හට ගත් දින සිට ලෝකය වර්තමානය දක්වා අදහාගත නොහැකි අන්දමේ දීර්ඝ මෙන්ම අසීරු ගමනක් පැමිණ ඇත. මානවයා එහිලා සුවිශේෂී පංගුකාරයෙකි. මානව සංහතියේ විකාශනයත් සමග දේශපාලන, ආර්ථික, සංස්කෘතික මෙන්ම තවත් බොහෝ අංශයන්හි විපරිවර්තනයන් සිදු වුයේ දියුණුව සහ සංවර්ධන යනු කුමක්ද යන්න ලෝකයට අනාවරණය කරන්නට ගත් උත්සාහයක ප්‍රතිඵල මෙනි. කාලය වේගයෙන් ගතව ගොස් ඇත. අද ලෝකය තිබෙනුයේ ආරම්භයට වඩා වෙනස්ම භූමියක ය. වසර, දශක, සියවස් ගණන් කාලය ගතව ලෝකය අද වන විට දියුණු තැනකට තල්ලු වී ඇත. සියලු තාක්ෂණික හරබයන් හී කර්තෘ මිනිසා බව කිවහොත් එය නිවැරදි ය. මන්ද මෙවන් විසල් පරිවර්තනයන් සිදු වුයේ මිනිසාගේ ක්‍රියා කලාපයෙහි ප්‍රතිඵල ලෙසිනි. මේ මොහොත වන විටත් මිනිසා සහ ලෝකය නොනවතින සංවර්ධනයක ගොඳුරු බවට පත්ව ඇත.

Previous Next

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

දියුණුව යනු ලෝකයට අලුත් දෙයක් නොවේ. අද අප දකින යම් දෙයක් වේ ද හෙට දිනයේ දී අපට එය දැකගත නොහැකි වනු ඇත. නමුත් අපට වෙනස්ම අලුත් දෙයක් හෙට දිනයේ දී දැකිය හැකි ය. ඒ තරමටම දියුණුව සහ වෙනස් වීම  විසින් පෘථිවියටත් මානවයාටත් ප්‍රබල ලෙස  බලපෑම් හමාර ය. නො වෙනස් වන එකම දෙය වෙනස් වීම යන අදහසෙන් පැහැදිලි වන්නේ ද එවැන්නකි . අප කවුරුත් වෙනස් වන ලෝකයට අනුව හැඩ ගැසිය යුතුමය. එසේ අනුවර්තනය නො වුණහොත් අපටත් සිදුවන්නේ   මිහිපිටින් ප්‍රතික්ෂේප වීමට ය. මෙම දියුණුවත් සමඟ සියල්ල පරයා දිනෙන් දින සංකීර්ණ වන මානව අවශ්‍යතාවනට  ප්‍රමුඛත්වය හිමි වනවා සේම එහි ප්‍රතිඵල ලෙස විවිධ සොයාගැනීම් නිර්මාණය වෙමින් මානවයාගේ ප්‍රගමනයට දායකත්වය ලබාදෙන ආකාරය නම් සිත් ඇදගන්නා සුළුය. විටෙක මෙවන් බොහෝ නිර්මාණ ගොඩනැගෙනුයේ විවිධ දුෂ්කර අවස්ථාවන් හි ප්‍රතිඵල ලෙස ය. එහිලා ගත හැකි කදිම නිදසුන පසුගිය කාලය වන විට මුළු ලෝකයක් අත්දැක ඇත. ඒ මෙතෙක් වැඩිම මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගත් කොරෝනා වෛරසය යි. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණු ආවරණ වැනි සුළු දේ පිළිබඳ පවා අන් කවරදාටත් වඩා කතාබහ කරන්නට විය. විවිධ පන්නයේ මුහුණු ආවරණ නිර්මාණය විය. තවත් විටක එය කෝටි ගණන් මුදල් උපයන ව්‍යාපාරයක් විය. වෛරසයක් සම්බන්ධයෙන් පමණක් ම නොව සාමාන්‍ය මිනිස් ජීවිතයේ දී පවා යහපත්  සෞඛ්‍යයෙන් පිරිපුන් ජීවිතයක් ගත කිරීමට එය උපකාරී වන්නකි. මක්නිසාද අද වන විට සෑම අතකින්ම පරිසරය මිනිසාගේ දූෂණයට ගොදුරු වී ඇති නිසාවෙනි. මේ ආකාරයට විවිධ අභියෝගයන්ට මුහුණ දීමට මිනිසා සතු සූදානම බෙහෙවින් වටී. ඒ සඳහා  මිනිසා විසින් තබන අද පියවර ඉතාම අගනේ ය. චිරාත්කාලයක් මානවයාට නො නැසී පෘථිවිතලයේ කල් ගෙවීමට එය මහෝපකාරී විය හැකි ය. එහිලා තවත් එක් පියවරක් මෙසේ ඉදිරිපත් කළ හැකි ය. 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

Chloe Zhao vs Nomadland

 Chloe Zhao, originally Zhao Ting is born on 31 st March 1982, Beijing, China. She is reputed as a Chinese filmmaker, but her movies are on self-discovery journeys in America.

Previous Next

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

ලෝකය දිනෙන් දින දියුණු වෙමින් පවතින අතර විවිද හැල හැප්පීම් මැද  මානව වර්ගයා ඉදිරියට ගමන් කරමින් සිටි. එමෙන්ම මිනිසා අවිවේකී වූ තරගකාරී ගමනක යෙදී සිටිනුයේ දිවා රාත්‍රි හෝ නොතකා ය.මෙය කියවන ඔබත් මාත් එහි ගොඳුරු වී හමාර ය. මෙවන් තරගකාරී දියුණු ලෝකයක් තුළ සාමය, සමගිය, යුක්තිය, සාධාරණය වැනි මාතෘකාවක් කන වැකෙන්නට වුයේ අද ඊයේ නම් නොවේ. මන්ද ඒ තරමටම ඒවායේ අවශ්‍යතාවය මෙම පෘථිවිතලයට අන් කවරදාටත් වඩා තදින් දැනුණු නිසාවෙනි. මිනිසා සතා සිව්පාවා පමණක් නොව අප්‍රාණික භෞතික පරිසරය පවා හඬගා කියන්නේ ලෝක සාමයේ අවශ්‍යතාවය යි. එය ප්‍රත්‍යක්ෂ  වන්නා වූ සිදුවීම් බහුතරයක් පහුගිය කාල වකවානුව තුළ අකැමැත්තෙන් වුව අපට අසන්නට ලැබුණි. අද වන විට දියුණුව, සංවර්ධනය යන්න වචනවලටම පමණක් සීමා වී ඇති අතර අර්බුද ගණනාවක  මූලාරම්භය ඒ තුළ දැකිය හැකි ය. ලෝකයේ ප්‍රබල රටවල් මෙන්ම සංවිධාන බල අරගලයක යෙදී සිටින අතර සෙසු රටවලට සිදුව ඇත්තේ ඔවුන්ගේ නාටක දෙස බලා සිටීමට හෝ නැතිනම් ඔවුන්ගේ ගොඳුරු වීමටය. ලෝක බල අරගලය හේතුවෙන් නිර්මාණය වූ අර්බුද ගණනාවකම සිහිවටන ඕනෑ තරමක් ලෝක සිතියම තුළින් උපුටා ගත හැකිය. 

تعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجومتعطيل النجوم

Arthur C. Clarke 

Date of birth - 16.12.1917 (Minehead, Somerset, England) 

Date of demise - 19.03. 2008 (Colombo, Sri Lanka) 

  

" I don’t pretend we have all the answers. But the questions are certainly worth thinking about. " 

Arthur C. Clarke 

"How inappropriate to call this planet 'Earth' when it is clearly 'Ocean'." 

Arthur C Clarke 

10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
10 تشرين1/أكتوير 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
03 آب/أغسطس 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
06 حزيران/يونيو 2023
logo-n.png
ප්‍රකාශනය
සන්නිවේදන හා මාධ්‍ය ඒකකය
කැලණිය විශ්වවිද්‍යාලය
© 2024, Media Unit, University of Kelaniya

විමසීම්

+94112908016     

nemandala@kln.ac.lk

Search