- ගවේෂණ
- الزيارات: 632
පොතක් ගැන යමක්!
( සොෆීගේ ලෝකය - කර්තෘ - යුස්ටයින් ගෝඩර් )
( පරිවර්තනය - රාණී සේනාරත්න රාජපක්ෂ )
“ ඔබ කවුද “ ?
“ ලෝකය ආවේ කොහෙන්ද “ ?
අකුරු සමූහයක් එක්කර වචනයක් ගැට ගසාගෙන සිත තුළ ලැගුම්ගත් අදහසක් ලෝකයට මුදාහරින්නට හැකිවූ වයසේ සිට මෙතෙක් ඔබ ගෙවූ ජීවිතයේ ඔබ බොහෝ පොත්පත් කියවා ඇති බවට කිසිඳු සැකයක් නැත. බහුතරයක් වූ එවන් පොත්පත් අතරින්, අතලොස්සක ප්‍රමාණයක්, ඒවා කෙරෙහි එක් සාමාන්‍ය කියවීමක සිට පරිශීලනය කිරීමක් දක්වා ඔබේ අවශ්‍යතාවය විතැන් කිරීමට සමත් වූවා ද විය හැක.
එහෙත්, එවන් කිසිදිනක ඔබට සාමාන්‍ය ජීවිතයේ පොදු මිනිස් ඉන්ද්‍රිය සංවේදනයට ප්‍රත්‍යක්ෂ වන මාතෘකාවන් ගෙන් ඔබ්බට ලෝකය පිළිබඳව එහි ආරම්භය පිළිබඳව නො එසේ නම් අවම වශයෙන් තම ඇතුළාන්තය පිළිබඳව හෝ සිතන්නට, විමසන්නට බලකරන අවස්ථාවක් හමු නොවුණා වන්නට පිළිවන.
" සොෆීගේ ලෝකය " සාහිත්‍යලෝලී ඔබ වෙතට ඒ නව්‍ය අත්දැකීම සමීප කරනු නිරනුමානය.