නිහඬ නැගණිය
- කවි
- الزيارات: 5064

අතීතයේ මටත් සිටියා
සොඳුරු නැගණියක්.....
එකම මවුකුස නො ඉපදුනත්
අප දෙදෙනා
එකම මවකගේ දරුවන් ලෙසින් එදා
එක් වී ගෙවුවා කාලය
සහෝදරත්වයෙන්.....
මට ඔබ සොයුරියක් විය
මා ද ඔබට සොයුරියක් විය
ටික කලයි රැදුනේ ඒ සහෝදරත්වය
අප නොසිතු නොපැතු ලෙසින්
සහෝදරත්වයේ උත්තරීත්වය බිඳි ගියා
පසුගිය සමයේ අප කොතරම්
සතුටින් සොම්නසින් ගෙවුවත් කාලය
අද නෑ ඒ අව්‍යාජ සතුට
අයහපතක් නෑ කලේ ඔබට
යහපතක් මිස කිසිදා.....
ගෙවුනු කාලයේ සෑම විට
අක්කේ කියා මා අමතමින්
සතුටට මෙන් දුකටද නිබදව මා ළඟ සිටි
ඇය අද නිහඬය.....
නෑ කිසිදා මා හට ඔබ අමතක වන්නේ
ඔබේ මතකයන් සැමදා ඇත
මා සිත තුළ සොයුරිය.....
ඔබයි මගේ සොයුරිය සැමදා
ඔබ මා අමතක කළත් නැගණියේ.....
එච්.පී.එම්.එච්.උමේෂිකා ගයාශානි
පළමු වසර
ලලිත කලා අධ්‍යයන අංශය
මානව ශාස්ත්‍ර පීඨය
13 أيلول/سبتمبر 2022
ජීවිතය
18 نيسان/أبريل 2023
පැතුමන්
15 تشرين2/نوفمبر 2022
මල්වර නැකත
06 تشرين1/أكتوير 2022
මගේ කඳුළු
15 أيار 2023
සයුරෙන් එතෙර කහවණු
10 آب/أغسطس 2022
හුස්ම!
15 أيار 2023
කුවේණියේ


