Image

වස්සාන ඍතුවේ එක් මැදියම් රැයක

ඔබේ කුළුදුල් මතක අතර යලිත් සිරවිය

එනයින් මා ලද උරුමය කිමෙක් ද?

එයයි මාගේ ගන්දබ්බ ආත්මභවය...

 

ඔබේ ආදරයෙන් මුකුලිත වූ  මගේ  හිත් අද්දරට

ආවා  සොයා ඔබේ නිමක් නැති සෙනෙහස

අතරමං විය  මා  දෙලොවක් අතරක

මෙයයි මා ඔබ‍ වෙනුවෙන් ලද  උරුමය...

 

ඔබේ ආදරයට  මා  එදා කළේ  ලෝභය

අද  මට උරුම කළේ මේ ගන්දබ්බ  ආත්මභවය

එපා මිතුර  කරන්නට අපිරිමිත ලෙස ප්‍රේමය

සියල් අස්ථිරයි සිතා ගෙවනු ඔබෙ දිවිය...

 

ඩබ්. පූර්ණා සෙව්මිණි

පළමු වසර

මානව ශාස්ත්‍ර පීඨය.

07 أيلول/سبتمبر 2022
04 نيسان/أبريل 2022
20 حزيران/يونيو 2022
11 تشرين1/أكتوير 2022
15 تشرين2/نوفمبر 2022
03 آب/أغسطس 2023