Image

ගව් ගනන් දුර  ඇවිද  යන්නට

වරම් ලද මේ මනුසත් භවේ

රැගුවේ කළු, සුදු චරිත දෙකක් ලෙස

කවුරුත් නොදන්නා ජීවන රගමණ්ඩලේ...

 

නොයෙක  මල් පිපී සුවද පතුරයි දස අතේ

ඇත සුදු චරිත  දුලභයි මේ අයුරින් මනුසත් භවේ

ගුණ සුවද දෙක  එකට ගෙන  එයි, ඔවුන් සුවදයි  මල් සේ

හමු නොවේ කිසිදු සසරක පිනක් නොකළොත් කිසිදිනේ...

 

තවත් මලෙක ඇත දුගදවත්  වූ අදුරු පැහැය

කියාගන්නට බෑ එහි ඇති විෂ කටු ගතිය

පාරවයි සැම අයගේ හදවත් එයයි උන්ගේ දුගණ ගතිය

වීය  කළු චරිතයක් නම් එයයි උන්ගේ ජන්ම ගතිය...

 

ඩබ්. පූර්ණා සෙව්මිණි

ප්‍රථම වසර

මානව ශාස්ත්‍ර පීඨය.

07 أيلول/سبتمبر 2022
17 كانون2/يناير 2022
11 تشرين1/أكتوير 2022
13 أيلول/سبتمبر 2022
20 حزيران/يونيو 2022
13 أيلول/سبتمبر 2022