සරසවියේ පිරිහෙන තාරුණ කායික සෞඛ්‍යය
- සුව අරණ
- الزيارات: 935
ආයුබෝවන්! යනුවෙන් සදහන් කිරිමෙන් මතකයට නැගෙන්නේ දීර්ඝායුෂ ප්‍රර්ථනාවයි. සුවදායික සෞඛ්‍යවත් ජීවිතයක් ළගා කර ගැනිම අප කාගෙන් අරමුණයි. බුදුන් වහන්සේගේ දේශනාවලි දි ද නිරෝගික උතුම්ව ලාභයයි යන්නේ සඳහන්ව ඇත. එය “ ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් දැක්වේ. නිරෝගිමත් ජිවිතයක් ගොඩනැගෙන්නේ පෝෂ්‍යදායි සෞඛ්‍යවත් ආහාරවේල් තුළිණි. මානව ශාරිරයේ පැවැත්ම ආහාර මත සිදු වන්නකි. කායික ශක්තිය ගොඩනාගා ගැනිම ‚ මානසික ශක්තිය වර්ධනයට උපකාරි වේ. කායික හා මානසික ශක්තියේ පිරිපුන් බවින් බුද්ධිමත් පුරවැසියන් බිහි වේ. බුද්ධිමතුන් නිර්මාණය කිරිම විශ්වවිද්‍යාල පද්ධතිය හරහා සිදු වන්නකි. උගත් බුද්ධිමත් උපාධිදාරියා කිසිදු අඩුවකින් තොරව නිර්මාණය වන බව අප කවුරුත් දන්නාවු කරුණකි. එහෙත් එසේ තැනෙන උපාධිදාරියා යම් දිනෙක රෝගියෙක් නම් රටේ අනාගතයට හිමිවන ඉරණය කෙතරම් ශෝකාන්විතද ? මේසේ සිදු වන්නේ විශ්වවිද්‍යාල ව්‍යුහයේ ඇති වැරැද්දක් නිසාද එසේ නොමැතිනම් අධ්‍යානයේ වැරද්දක් නිසා ද යන්න තේරුම්ගත නොහැක්කකි.
තරඟකාරි අධ්‍යපාන රටාව ශෝකනීය අනාගතයට වගකිම් යුතුය. එහෙත් වගකීමක් දරන්න සුදානම් වන උපාධිදාරියා ඛේජනක අනාගතතය වගකිය යුතුය. මන්ද තරඟකාරි අධ්‍යාපනයට ඇති ලොල් බව නිසා තමන් පිළිබඳව වග බලා ගැනිමට අසමත් වී ඇත. අධ්‍යාපනයම සාර්ථක ජීවිතයක් මං මාවතක් නොවන නිසාය. ප්‍රතීමත් සුවදායක ජීවිතයකට සෞඛ්‍ය සම්පන්න ජීවිතය ඉතා වැදගත් වේ. විශේෂයෙන් සරසවි සිසුන් තුළ දක්නට ලැබෙන ගැටලුව වන්නේ ක්‍රමවත් ආහාර ගැනිම පැහැර හැරීමයි. අධ්‍යන කටයුතු සඳහා කාලය වැය කිරිම පමණක් සිදු කරයි. එමගින් ආහාර ගැනිම අතපසු කරනු ලබයි. එසේත් නොමැතිනම් ඇතැම්හු ක්‍රමවත් ආහාර ගැනිම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ අද වන විට මුහුණ පා ඇති ආර්ථික අර්බුදය නිසා විය හැකිය. ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යාමත් නිසා දෛනික ජීවන වියදම අහස උසට නැගි ඇති බව සත්‍යයකි. මේ තත්ත්ව හමුවේ පෝෂදායි ආහාර වේලක් පසුරා ගැනිමට නොහැකි විම ද සාධාරණය. එහෙත් ඒ සාධාරණ ආසාධාරණ යන්න නිර්ණය කිරිම ප්‍රතිඵලදායකි නොවන්නකි. මන්ද දිගුකල් පැවැත්ම උදෙසා ශක්තිමත් ශාරිර සෞඛ්‍යයක් තිබිම විද්‍යාර්ථියාගේ අනාගත සඵලදායි කරවන්නක් විමය.
බුද්ධිමත් වුවත් රටට ප්‍රයෝජයද රෝගීයෙක්. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යන කාල පරාසය තුළ තම ශාරිර සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කිරිම වැදගත්ය. රටේ පැවැත්ම රඳාපවතින්නේ තරුණ්‍ය මතය. රටේ තරුණ්‍ය ශක්තිමත් නම් රටේ අනාගතය පැහැදිලිය. එසේ නොමැතිව බුද්මත්තුන් වෙනුවට රෝගින් බිහි වුවහොත් ජීවත් වීමටවත් රටක් ‚ අනාගතයක් අහිමිව යනු ඇත. දෛනිකව නිසි වේලට නියමිත ආහාර වේල් ලබා ගනීමින් පිරිහෙමින් යන ශාරිර සෞඛ්‍ය රැක ගැනීම කළ යුත්තකි. මුතුන්මිත්තන්ගේ සාම්ප්‍රදායික ඥානයේ පවසන්නේ ද එවැන්නකි. මානව ශාරිරයට ආහාර වල ඇති වැදගත්කම ඔවුන් ප්‍රාමාණීකව කටකතා ඔස්සේ සමාජ ගත කර ඇත. එනම් උදෑසන ආහාරය රාජභෝජයක් පරිද්දෙනුත් ‚ දහවල් ආහාරය ඇමතිවරයෙකුගේ භෝජනයක් ලෙසත් ‚ රාත්‍රී ආහාරය හිගන්නෙක් ලෙසත් ලබා ගත යුතුය යන්නෙන් අදහසක් සමාජය ගත කර ඇත. ඔවුන් මෙවන් අදහස් දක්වන්නේ විද්‍යාත්මක සාධත හෙන හැර නොදක්වමිනි. ඔවුන්ගේ අත්දැකිම් පදනම්ව මෙවැනි දේ සමාජ ගත කර ඇත්තේ අනාගත සුභ සිද්ධිය උදෙසාය.
වසරක් පසා උගත් විදවතුන් බිහි කරමින් අනාගතය සවිශක්තිමත් කරන්නේ විශ්වවිද්‍යාල පද්ධතියයි. විද්‍යාර්ථයන් යන්ත්‍රියක් ලෙස කටයුතු කරමින් සිය ශාරීර සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් නොවීම හේතුවෙන් අනාගත සමාජය මානසික ශක්තිය මෙන්න කායික ශක්තිය හීන වෙමින් අඩු අයුෂ හිමි පරපුරක් බිහි වීම සිදුවේ. එමගින් මානව පැවැත්ම ට හානියක් සිදු වේ. මෙවැනි අපදාවන් සිදු වීමට මතතෙන් නිසි අයුරින් සෞඛ්‍ය පවත්වා ගනිමින් අධ්‍යනයන් වල නිරත වීම විද්‍යාර්ථයන්ගේ යුතුකමක් හා වගකිමක් වේ.
තමාෂා සෙව්වන්දි
විශේෂවේදි දෙවනි වසර
ජන සන්නිවේදන අධ්‍යනාංශය
සමාජීය විද්‍යාපීඨය