සීගිරි ළදුන්..
- කවි
- الزيارات: 5759

අවසර ලොවට යාබද ගිරි වස් මුදුන
පැහැසර අඹර උනගා මන්මත් යොදුන
වනසර සොඳුරු විහගා සක්මන් ඇදුණ
සුර පුර කසුප රජිඳා ගත සිත් රැදුන
පුන්දර අඹන මාහැඟි පර්වත මැදුර
තික්මෙර ප්‍රභව ළාගනි රන්වන් කිදුර
සුන්දර සුරඹ අගනා නිරුවත් සිරුර
රළුධර කුළක මවනා සිත්තම් පවර
හස්තක දරන ළාමක පඩුපුල් මලින
මස්තක නගින නාඹර අප්සර කෙළින
වරලක ගවස පෑ බර මල් රොන් වලින
අඟනක ලලිත භාවය මන්මත් කරණ
මනහර කනක ළා ගෙන බරනිඳු කතක
සසදර ලෙසට කාමව රජනිදු සිතක
සුර පුර වරම වෑහෙන කම් සැප භවක
පෙම් බර කසුප නැති දා තනි විය ගුලක
නිම්නදි ජයවර්ධන
පළමු වසර
මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය
10 آب/أغسطس 2022
වලාකුළු කතා කරයි
13 تشرين2/نوفمبر 2022
ඔවදන
16 آب/أغسطس 2022
කවකටුව සහ පැන්සල
28 كانون1/ديسمبر 2022
ආදරණීය සිත්තම
27 تموز/يوليو 2022
අත්හරිනු ද?
21 شباط/فبراير 2022
මං
10 آب/أغسطس 2022
In the midst of everything.


