Image

අවසර ලොවට යාබද ගිරි වස්  මුදුන

පැහැසර අඹර උනගා මන්මත්  යොදුන

වනසර සොඳුරු විහගා සක්මන්  ඇදුණ

සුර පුර කසුප රජිඳා ගත සිත්    රැදුන

 

පුන්දර අඹන මාහැඟි පර්වත        මැදුර

තික්මෙර ප්‍රභව ළාගනි රන්වන් කිදුර

සුන්දර සුරඹ අගනා නිරුවත්   සිරුර

රළුධර කුළක මවනා සිත්තම්       පවර

 

හස්තක දරන ළාමක පඩුපුල්     මලින

මස්තක නගින නාඹර අප්සර  කෙළින

වරලක ගවස පෑ බර මල්‍ රොන් වලින

අඟනක ලලිත භාවය මන්මත්  කරණ

 

මනහර කනක ළා ගෙන බරනිඳු කතක

සසදර ලෙසට කාමව රජනිදු   සිතක

සුර පුර වරම වෑහෙන කම් සැප   භවක

පෙම් බර කසුප නැති දා තනි විය ගුලක

 

නිම්නදි ජයවර්ධන

පළමු වසර

මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය

07 أيلول/سبتمبر 2022
11 تشرين1/أكتوير 2022
18 نيسان/أبريل 2023
17 كانون2/يناير 2022
21 شباط/فبراير 2022