- කාලීන
- الزيارات: 999
සරසවියේ පිරිහෙන තාරුණ්‍ය කායික සෞඛ්‍යය
ආයුබෝවන් ! යනුවෙන් සදහන් කිරිමෙන් මතකයට නැගෙන්නේ දීර්ඝායුෂ ප්‍රර්ථනාවයි. සුවදායික සෞඛ්‍යවත් ජීවිතයක් ළගා කර ගැනිම අප කාගෙන් අරමුණයි. බුදුන් වහන්සේගේ දේශනාවලි දි ද නිරෝගික උතුම්ව ලාභයයි යන්නේ සඳහන්ව ඇත. එය “ ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙන් දැක්වේ. නිරෝගිමත් ජිවිතයක් ගොඩනැගෙන්නේ පෝෂ්‍යදායි සෞඛ්‍යවත් ආහාරවේල් තුළිණි. මානව ශාරිරයේ පැවැත්ම ආහාර මත සිදු වන්නකි. කායික ශක්තිය ගොඩනාගා ගැනිම ‚ මානසික ශක්තිය වර්ධනයට උපකාරි වේ. කායික හා මානසික ශක්තියේ පිරිපුන් බවින් බුද්ධිමත් පුරවැසියන් බිහි වේ. බුද්ධිමතුන් නිර්මාණය කිරිම විශ්වවිද්‍යාල පද්ධතිය හරහා සිදු වන්නකි. උගත් බුද්ධිමත් උපාධිදාරියා කිසිදු අඩුවකින් තොරව නිර්මාණය වන බව අප කවුරුත් දන්නාවු කරුණකි. එහෙත් එසේ තැනෙන උපාධිදාරියා යම් දිනෙක රෝගියෙක් නම් රටේ අනාගතයට හිමිවන ඉරණය කෙතරම් ශෝකාන්විතද ? මේසේ සිදු වන්නේ විශ්වවිද්‍යාල ව්‍යුහයේ ඇති වැරැද්දක් නිසාද එසේ නොමැතිනම් අධ්‍යානයේ වැරද්දක් නිසා ද යන්න තේරුම්ගත නොහැක්කකි.